මත්පැන් බෝතලයක් කතා කළොත් ?


බෝතල් කතා නොකරන විත්තිය අපි දන්නව. ඒත් දවසක බෝතලයක් කතා කළොත් අපිට වහකන්න වෙනව බෝතල් අපි එවුව මේසේ උඩ ති‍යාගෙන කරන විකාර ටික ගැන කිවුවම. ඒ ගැන හිතද්දියි අපිට මේක ලියන්න හිතුනෙ. ඇත්තටම බෝතලයක් කතා කළොත් අපි ගැන මොනව කියයිද? මේ ලියන්න යන්නෙ ඒ ගැන. ඇත්තටම බෝතලයක් මේ විදිය කතාවක් කිවුව .මේ ඒ කතාව.

1. ආපු හැටි
A Bottle Speaks
Source – wikipedia.org
මං මේ කියන්න යන කාලකන්නි කතාව ඔක්කොම පටන්ගන්නෙ මෙතනින්. මං නිකංම නිකං ඇඟක් විතරයි. එක් ලොකු බිල්ඩිමක් ඇතුළෙදි මට ජීවිතේ පුරෝනව. එතනින් ජීවිතේ පුරෝල යවනව එක එක තැන්වලට. එතන හිටපු යාළුවො මිස් වෙනව. මට මතකයි කලින් ආත්මෙ දවසක් ගෙදර පිටිපස්සෙදි පොඩි එකෙක් අම්මට කිවුව එයාව අලුත් පන්තියට දැම්මම පරණ යාළුව නැතිවෙච්ච හැටි. මට ඒ හැඟීමමයි තියෙන්නෙ. ගෙයි පිටිපස්ස මොකද්ද කියල ඔයාලා කතාවෙ අන්තිමට දැනගනීවි. ඔහොම ගිහින් මාව ගියෙ රෙස්ටුරන්ට් එකකට. එදා පෝය දවසක්. ඒ නිසා මාව විකුණුනේ වෙනදට වඩා වැඩි ගාණකට.

2. පටන්ගන්නකං
A Bottle Speaks
Source – youtube.com/Gampaha – Api Nodanna Live
අන්න එහෙමයි මං මේ මේසෙ උඩට ආවෙ. මං දන්නව මුං දැන් මගේ ජීවිතේ වක්කරං බොයි. ඒත් මේ දේවල් කියන්න ඕන. ගෙදර ගෑණි බයිට් හදනකංම මාව අරං ආපු මිනිස්සු දෙන්න කළේ අර පෝය නිසා වැඩිපුර ගෙවපු ගාණට රෙස්ටුරන් අයියලට බැනපු එක. නීතිවිරෝධී දේවල් ගණං තමයි කියල මුන්ට නොතේරෙන්න මුං බීලද?
 
3. ඉවරායි
A Bottle Speaks
Source – maxpixel.freegreatpicture.com
ඔන්න මුං මගේ පස්ස තැලෙන්න පාරක් ගහල ඔලුව කරකෝල මගේ ජීවිතේ වක්කරගන්න පටන්ගත්ත. ඊටපස්සෙ තව මොනවද ඒ වීදුරුවට හලලා මගෙ ජීවිතේ දූෂණය කළා. ඊටපස්සෙ වීදුරු හප්පලා මුල් උගුර පහලට යනකොට බයිට් එකක් ආව මේසෙට. ගෑණු මනුස්සයා පහලට ගිය වෙලේ ඉඳන් මුං දෙන්න කතා කළේ කෙල්ලො ගැන. අරකිට පුදුම විසේ, මේකිව අදින්නෙ ලොක්කා වගේ එවුව කිය කිය ලීලයි කමලයි චම්පයි රේඛයි භානුමතියි නයනයි සඳලේඛයි වගේ මුං ඕපදූප කෙලියා. මාව ඉවරයක් වෙනකංම ඒක තමයි සිද්ධ වුනේ. මාව ඉවර වෙන්න ලංවෙද්දි තව මගේ හැඩේම තිබ්බ පොරක් අරගෙන තවත් හාදයෙක් එතනට සෙට් වුනා.

4. මං මේසෙ යට
A Bottle Speaks
Source – bank-zdjec.com
දැන් මං මේසෙ යට. අර දෙවනියට ගෙනාපු එකා මේසෙ උඩ. ජීවිතේ ඉවර වුනාම මොකෙකුටවත් වැඩක් නෑ. මේක කියවන්න ආපු එවුනුත් ගිහින්ද දන්නෙත් නෑ. මොනව වුනත් මං කියනව මගේ කතාව. දෙවනි බෝතලේ පටන් ගන්නකොට කෙල්ලෙක් ගැන කතාවක් අහන්නවත් නෑ. මේ රටේ සභ්‍යත්වය, සංස්කුරුතිය විනාශ වෙන හැටි, දේශපාලනේ කරන එවුන් කරන කුපාඩි වැඩ, කලින් ආණ්ඩුවෙන් කරපු හොඳ වගේ දේවල් තමයි උන් කතා කළේ. දෙක වදින්න පටන්ගන්නකොටම මුං බහුශ්‍රැතයො වෙලා.

5. කාසි තැලිල්ල
A Bottle Speaks
Source – youtube.com/Mannil indha kaathal – ilayaraja
ඒ බෝතලේ ජීවිතෙත් භාගයක් ඉවර වෙලා තියෙද්දි මාව ආයෙ අතට ගත්තා. මං හිතුවෙ මගේ ඇඟ ඇතුළෙ ඉතුරු වෙලා තිබ්බ බින්දු විසි එකත් එකතු කරන්න හදනව කියලයි. නෑ බලද්දි මුන්ට සින්දු කියන්න තාල භාණ්ඩයක් නැතුවයි මාව අරං තියෙන්නෙ. අනේ 1996 ශූරයෝද මොකද්ද කියලා ගහපු රත්තරන් පාට කාසියකින් මට තල තල මුං සින්දු කියන්න පටන්ගත්තා.

6. ඇබැද්දි
A Bottle Speaks
Source – zeenews.india.com
අයෙ මං බිම. දැන් කට්ටියට ටිකක් පණ මදි. අන්තිමට ආපු බුවා විතරයි ටිකක් හරි ෂේප් එහෙකට හිටියෙ. ඔන්න ආයෙ මාව බංකුව අයිනෙ තියල චූ කරන්න යන්න නැගිටපු එකෙක් මට පයින් ගැහුව. මාව රෝල් වෙලා ගියා. මුං මගේ අධ්‍යාත්මෙ උරා බිවුව මදිවට මගේ භෞතිකෙත් විනාශ කරන්න හදන්නෙ. නිකමට හරි ඉරි තැලුවනං ආයෙ මට ජීවිතේ පුරවන එකක් නැහැ. කොච්චර ආශාවෙන්ද ආයෙත් ජීවිතේ පුරවගන්න මං බලන් ඉන්නෙ.

7. ගෙයි පිටිපස්සෙ
A Bottle Speaks
Source – ppgreview.ca
මේ ගැන තමයි මම මුලිනුත් කිවුවෙ. මාව ගෙයි පිටිපස්සෙන් ගෙනිහින් තිබ්බෙ ඒ ගෙදර බවලත් උන්දෑ. මාවයි මං වගේම හැඩේ තියෙන අනිත් සගයවයි එක අතින් අල්ලගෙන ගෙනිහින් තවත් අපි වගේම අය විස්සක් විතර හිටපු ගොඩකින් අපිව තිබ්බා. ආයෙ දවසක බෝතල් පත්තර කාරයෙක් එනකං මේ ගෙයි පිටිපස්සට ඇවිත් මිනිස්සු කියන කතා මං අහන් ඉන්නව. ආයිත් දවසක මං ජීවිතේ පුරවන් ඇවිල්ල උඹලට මේසෙ උඩ රජ වෙනවා. මගේ ජීවිතේ එන්න එන්නම ගණං යනව. තොපි ලැජ්ජ වෙයවු! තොපෙ ජීවිත එන්න එන්නම බාල්දු වෙනවා!