ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලැබෙන ආධාර පාර්ලිමේන්තු මන්ත්‍රි බලෙන් අරං යන කථාවේ ඇත්ත නැත්ත
බද්දේගම ප්රාදේශීය ලේකම් කාර්යාලයට ලැබුණු ආධාර වෙනත් ප‍්‍රදේශවලට බෙදා හැරීමට රැගෙන ගිය බවට ගාල්ල දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුලලාල් බණ්ඩාරිගොඩ මහතාට ට චෝදනා එල්ල වනවා
අවස්ථා දෙකක දී එම කාර්යාලය වෙත ලැබුණු බත් පාර්සල් මන්ත‍්‍රීවරයා විසින් රැගෙන ගිය බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් Baddegama.com වෙබ් අඩවිය ගවේශණාත්මක කරුණු සොයා බැලීමක් සිදු කළ අතර එහිදි අනාවරණය කර ගත් තොරතුරු මෙසේය
01 -ජනතාවගෙන් ලැබෙන ආධාර විශාල ප්‍රමාණයක් බද්දේගම ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ගොඩගසා ඇති අතර වතුර බෝතල් විශාල ප්‍රමාණයක් කාර්යාල භූමියේ එළිමහනේ ඇති අතර එවා බෙදා හැරීමට කටයුතු යොදා නැති බව දැකගත හැක.
02- බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් 27/05/2017 දින ප‍්‍රාදේශියලේකම් වරිය වෙත , ගංවතුරෙන් පීඩාවටපත් වූ ජනතාව වෙත ආධාර කඩිනමින් යොමු කරන ලෙස කරනු ලැබූ ඉල්ලීමට යහපත් ප‍්‍රතිචාරයක් නොවූ නිසාවෙන් එතුමාගේ පුද්ගලික ධනය යොදවා අසල පිහිටි වෙළද සැළකින් අදාල ආහාර ද‍්‍රව්‍ය මිලදී ගෙන ජනතාව වෙත බෙදා දීමට කටයුතු කර තිබේ.
බද්දේගම ගංවතුර පාලනය සදහා ඉදිකර ඇති වේල්ල කැඩී ජලය කාන්දු වන බවට දැනුම්දී ඇතත් ඒ සම්බන්ධයෙන්ද කඩිනම් පියවරක් ගැනීම ප‍්‍රමාද කර ඇති ප‍්‍රාදේශියලේකම්තුමිය අදාල සහන සේවා සැලසීම සදහා දෙනු ලබන බෝට්ටු මගින්ද මුදල් ලබා ගැනීමට කටයුතු කර ඇති බවට චො'දනා එල්ල වේ.
සොයා බලා අනාවරණය කර ගත් කරුණු පරිදි ප‍්‍රාදේශිය ලේකම්වරිය විසින් රදවා තබා ගත් කෑම පාර්සල් විශාල ප‍්‍රමාණයක් කල් ඉකුත්වීම නිසා අසල පිහිටි කුරුදු ඉඩමක් වෙත බැහැර කර ඇත.
ආණ්ඩු පක්ෂයේ බද්දේගම ආසන සංවිධායක වන බන්දුලලාල් බණ්ඩාරිගොඩ මහතා අදාල ආපදා අවස්ථාවේ කටයුතු කළ ආකාරය පිළිබද අපි නාවික හමුදා සාමාජිකයින් වෙතින් විමසීමක් සිදු කළ අතර ඔවුන්ට එම දින කිහිපයේ නවාතැන් සහ කෑම ආදී සියලුම පහසුකම් සලසා තිබුනේ ඒ මහතාගේ වැලිවිටිය ප‍්‍රදේශයේ පිහිටි නිවසතුල බවත් තමන් සමග ඉතා සුහදශ‍්‍රීලිව කටයුතු කළ බවත් කියා සිටියා
අදාල තොරතුරු ගවේශණාත්මක තොරතුරු වන බවත් මෙහි පූර්ණ වගකීම වෙබ් අඩවිය බාර ගන්නා බවත් ප‍්‍රාදේශිය ලේකම්වරියට පිළිතුරු දීමේ අයිතිය වෙනුවෙන් අපි බැදී සිටින වගත් ,බද්දේගම ජනතා බලාපොරොත්තුව රාජ්‍ය යාන්ත‍්‍රනය ක‍්‍රමවත්ව ගලායාම බවත් එහි දේශපාලන මත වාදයන්මත ප‍්‍රමාදයන් සිදු නොවිය යුතු බවත්ය

