මේ විදියට ගියොත් අනාගතේ ඇඩ්වටීස්මන්ට්ස්

මීඩියා කෙරුවාව බිස්නස් එකක්නෙ. බිස්නස් එකක් කරගෙන යන්න සල්ලි හම්බෙන්න ඕන. රුපියල් විස්සට තිහට පත්තර විකුණලා, සල්ලි ගන්නැතුව ටීවී පෙන්නලා ඒ බිස්නස් ගොඩ දාන්න බැහැ. ඒ නිසා ඒ බිස්නස්වලින් මිනිස්සු බලන දේවල් එක්කම මිනිස්සුන්ට බලෙන් ඇහේ ගස්සන ඇඩ්ස් ටිකකුත් ඔටෝ යැවෙනවා. ඒක ඉතිං සාධාරණ හම්බුකිරිල්ලක්. මේ සාධාරණ හම්බුකිරිල්ල අසාධාරණ වෙන්නෙ ඒ බලෙන් ඇඩ් පෙන්නිල්ල මිනිස්සුන්ට වාතයක් වෙලා මල වාතයක් වෙන්න පටන්ගත්තට පස්සෙයි. තාම මේක මිනිස්සුන්ට මල වාතයක් වෙලා නැතත්. දැනටම වාතයක් වෙලා තියෙන නිසා අපි මේ කතා කරන්න යන්නෙ මේ විදියටම ඉස්සරහට ගියොත් අනාගතයේ දවසක මිනිස්සුන්ට කොච්චර වද වෙන විදියට ඇඩ්වටීස්මන්ට්ස්වලින් මීඩියා ආක්‍රමණය වෙයිද කියලයි.

1. ටයි මාමා
Future Ad Crazes
Source – caravanmagazine.in
නිවුස්වලට මේන් ස්පොන්සර් කෙනෙක් ගන්නව. අපි නිකමට හිතමුකො සිද්ධාලේප කියලා. නිවුස් කියන මනුස්සයට සිද්ධාලේප ටයි එකක් දාලා කාරිය වැඩේ පටන්ගන්නව. පැය භාගෙ නිවුස් ඇතුළෙ නිවුස් දෙකක් විතර ගහමරාගෙන ඇඟවල් තැලිච්ච මිනිස්සු ගැන පෙන්නනවාමයි. ඊට අමතරව සිද්ධාලේප වෙදමහත්තයා කරපු සමාජ සත්කාර දෙකක්, නිවුස් බ්‍රේක් අතරමැද නිවුස් කියලා කට රිදිලා ඉන්න ප්‍රසන්ටර් හක්කෙ සිද්ධලේප ගාන ලයිවු ෆුටේජ් එකක් වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්

2. ඩ්‍රාමා
Future Ad Crazes
Source – caravanmagazine.in
නිවුස් ප්‍රසන්ට් කරන මනුස්සයාගෙ පොඩි ඩ්‍රාමා සීන් එකක් සිද්ධ වෙන්නත් පුළුවන්. නිකමට අපි හිතමු ඒ වෙලාවෙ මේන් ස්පොන්සර් මයිලෝ කියලා. පටන් ගන්න කලින් බ්ලැක් ඇන්ඩ් වයිට් දර්ශනයක් යනවා නිවුස් ප්‍රසන්ටර් ප්‍රොඩියුසර් එක්ක කතා කර කර ඉන්න සීන් එකක්. ආපෝ අදනං නිවුස් කියන්න කිසිම මූඩ් එකක් නෑ. කියල ප්‍රසන්ටර් කිවුවම ප්‍රොඩියුසර් පොරට දෙනව මයිලෝ ‍කෝප්පයක්. ඌ ඒක බීල තමයි නිවුස් රූම් එකට යන්නෙ. ඒ ගිහිල්ලත් පොඩි ඩ්‍රාමා සීන් එකක් යන්නෙ. නිවුස් අතර මැද්දෙ මයිලෝ ඇඩ්ස්වල තියෙන වචන හොරාට ඔබ්බනවා. හරියට නිකං “ඒ මොහොතෙ එම සිරකරු නිසියාකාර පෝෂණයක් ලබා තිබුනේ නෑ” වගේ එවුව. ඔන්න ඒ අස්සෙ මවුස් එක ස්ක්‍රොල් කරන්න ගිහිල්ල අතවැදිලා මයිලෝ එක පෙරලුනානෙ වගේ සීන් එකකුත් ගොඩ දාන්න ඉඩ තියෙනවා.

3. ක්‍රිකට් ප්‍රේක්ෂකයා
Future Ad Crazes
Source – hindustantimes.com
කවුරුහරි ප්‍රේක්ෂකයෙකුට හයක් ගිහින් ආපු බෝලයක් වැදුනොත් පොරව එවෙලෙම හය දෙනෙක් වර්ල්පූල් ෆ්‍රිජ් එකක් ලඟට උස්සන් ඇවිල්ල ඒකෙන් අරන් අයිස් කැට දෙනව නළලට තියාගන්න. හය ගහපු මනුස්සයට ෆ්‍රිජ් එක දෙනවා. හයේව වදියි කියල බයේ පොඩි වුන්ට මැච් බලන්න එද්දි ගල් තොප්පි අනිවාර්ය කරනවා. කරල එවුවයෙත් වර්ල්පූල් කියල ගහල දෙන්න පුළුවන්.


4. ඔබ කැමතිම මොකටද?
Future Ad Crazes
Source – reddit.com
සෙනග ගොඩක් මැද පාරෙදි මයික් එක අල්ලලා ඔබ කැමතිම අත්ට්‍රැක්ටරය මොකද්ද කියල ඇහුවම එක දිගට කුබෝටා කුබෝටා කුබෝටා කියල වැඩිපුරම කියන එකාට මී හරකෙක් තෑගි දෙන ලයින් එකක් ගොඩ දාන්නත් පුළුවන්. ප්‍රේක්ෂක අවධානයත් වැඩියි. රතු ඇඳපු කෙල්ලො දෙන්නෙක් ලණුවෙන් ඇදන් ආවට පස්සෙ මී හරකා රතු පාටට කුලප්පු වුනානං මාකටින් පාර තවත් ගොඩ දාන්න පුළුවන්. බෑඩ් මාකටින් ගුඩ් මාකටින් කියල වෙනසක් නැහැනෙ මාකටින්වලදි.

5. දේශ්පාලනම්!
Future Ad Crazes
Source – saanphotos.blogspot.com
මේක මේ දේශපාලන ඇඩ් සෙට් වෙන්න පුළුවන් විදියක්. මොකද මිනිස්සු වැඩිපුරම කැමති කෙල්ලොන්ටයි ක්‍රිකට්වලටයිනෙ. ඉතිං ටීම් එක මැච් එක දිනුවොත් නිරුවත් වෙන සුරූපී නිළියකගේ සීන් එකක් ටූනමන්ට් එක පටන් ගන්න කලින්ම ඇඩ්වටයිස් පාරක් දානව. එහෙම දාලා දකුණු කලවේ විපක්ෂයේ දේශපාලන සළකුණ ටැටූ ගහලා වැඩේ මාකට් කරනවා. මොකෝ ඉතිං පක්ෂෙයි විපක්ෂෙයි කියල භේදයක් නැතුව දේශපාලකයොන්ට හොඳට සල්ලි තියෙනවනෙ.

6. අපි මොක්කුද මෙයා?
Future Ad Crazes
Source – lists10.com
මෙන්න මේක තමයි වෙන්න පුළුවන් නියමම වැඩේ. දැන් ඔය නිවුස් කියන බුවාලා නිවුස් කියන අතරෙයි උදෙයි, දවාලෙයි, නිදියන්න ගියාමයි හැම තිස්සෙම කියනවනෙ තමුන්ගෙ චැනල් එකේ තමයි හොඳම නිවුස් අහන්න පුළුවන් කියල. ඒක ඉතිං එපා වෙනකංම කියනවනෙ. ඉස්සරහට කියන්න ඉඩ තියනව ඒකෙ අනිත් පැත්ත. “හොඳම නිවුස් අහන්න පුළුවන් අපේ චැනල් එකෙන් නෙමෙයි. හොඳම නිවුස් අහන්න පුළුවන් සැම්සුන්ග් ටීවී එකකින් විතරයි මහත්තයෝ” වගේ එකක්.


7. චැනල් පබ්ලිසිටි
Future Ad Crazes
Source – youtube.com/Mr Bean buys a new tv
ඔන්න මේ කියන්න යන්නෙ චැනල් එකටම පබ්ලිසිටි දෙන්න වෙන්න පුළුවන් වැඩක් ගැන. චැනල් එකේ ප්‍රසන්ටර්ලාට, චැනල් එකේ යන ටෙලියේ නිළියෝ වගේ අයට කිට්ටු ලුක් එකක් තියෙන ලෝකල් පෝන් සයිට්වල සීන් ටිකක් කට් කරලා අරගෙන තමුන්ගෙම ගොසිප් සයිට් හරහා ඒවට පබ්ලිසිටියක් දෙන වැඩක් යන්න පුළුවන්. ඊටපස්සෙ මිනිස්සු ඒ අය එන ප්‍රෝග්‍රෑම් බලන්න හුරු වෙනවනෙ.