ස්මාට්ෆෝන් එකේ වැඩ කටයුතු තවත් ලේසි කරගෙන වැඩි ප්‍රයෝජනයක් ගන්න


මේ කියන්න යන්නෙ ස්මාට්ෆෝන් අතේ තියෙන අයට වැදගත් කතාවක්. මිනිස්සු ස්මාට්ෆෝන් පාවිච්චි කරන්නෙ ෆේස්බුක් යන්නත්, ෆොටෝ ගහන්නත්, ගේම් ගහන්නත් විතරක් වෙන එක අපි වැරැද්දක් විදියට දකිනවා. මේ කියන්නෙ එතනින් නොනැවතී අපේ වැඩ ලේසි වෙන විදියට ස්මාට්ෆෝන් එක භාවිතා කරන්නට පුළුවන් වෙන විධි ක්‍රම කීපයක්. එහෙනම් මේ දේවල් ඔබේ අවධානය පිණිසයි.



1. VPN ඇප්ස්


Source – wikipedia.org


VPN කියන්නෙ වර්චුවල් ප්‍රයිවට් නෙට්වර්ක් එකකට.VPN සර්විස් දෙන අය ගොඩක් ඉන්නවා. හොයාගන්න ලේසියි. වීපීඑන් ඇප්ස් විදියටත් කම්පියුටරයට ක්ලයන්ට් එකක් විදියටත් පාවිච්චි කරනන් පුළුවන්. වැඩේ හරිම සරළයි. අපිට පුළුවන් ඒ හරහා අපි ඉන්න තැන විදියට බොහෝ දුර රටක අයිපී එකක් දෙන්න. උදාහරණයකට එක ක්ලික් එකකින් ඇමරිකාව, නෙදර්ලන්තය හෝ ජර්මනියේ ඉඳන් ඉන්ටනෙට් එකට සේන්දු වුනු වගක් අඟවන්න පුළුවන්. මේක තනිකරම සිකියුරිටි සේවාවක්. අපිව ආරක්ෂා කරනවා. ඔත්තු බලන කාටවත් ඔත්තු බලන්න බෑ. අපිට ඉතින් ඉන්ටනෙට් ඇතුළෙ මොන හොරා පොලිස් සෙල්ලම්ද? අපිට කියලා කරන්න තියෙන්නෙ. ඉන්න තැන වෙනස් කරලා ෂේප් එකේ වෙනින් රටවලට බලන්න දෙන වීඩියෝ බලන්න, අපිට නැති ගේම්ස් ඩවුන්ලෝඩ් කරන්න, මෙහෙට නොපෙන්නන ඊ මාකට්වල බඩු ඕඩර් කරන්න වගේම, ඒ රීජන් එකේ මිනිස්සුන්ට දෙන ඔෆර්ස් අරගන්නත් පුළුවන්. හැබැයි ඔන්න ඩාක් වෙබ් පැත්තෙ රවුම් ගහන්න යනව එහෙම නෙමෙයි.


2. පොකට්


Source – gigaom.com


මේකත් ඔබේ පරිගණකයටත් ස්මාට්ෆෝනයටත් වෙනසක් නැතුව භාවිතා කරන්න පුළුවන්. මේ කියන පොකට් එකේ අපි ඒ මොහොතේ දකින වැදගත් ලින්ක්ස් සේව් කරලා තියන්න පුළුවන්. අපේ ප්‍රියතම ඇප්ස් හරහා විතරක් නෙමෙයි ඊමේල් හරහා උණත් මේ දේවල් පොකට් එකේ සේව් කරන්න හැකියාව තියනවා. ඒ දේවල් පස්සෙ වෙලාවක ඕෆ්ලයින් වුනත් කියවන්න පුළුවන්. අපි එදා දවසෙ දකින වැදගත් දේ ලින්ක් පිටින් තියාගන්න දේවල් ඇසුරෙන් පොකට් අපිට වැදගත් ආටිකල් හොයලත් දෙනවා. ඒක නිකං කියවන ලැයිස්තුවක් වගේ තමයි. මීට පස්සෙ කිසිම දෙයක් මිස් වෙන්නෙ නෑ. බ්‍රවුසර්වලට ඇඩෝන් විදියටත් දාගන්න පුළුවන්.







3. කොපි පේස්ට් ස්ටැක් එකක්


Source – apple.com


කාර්ය බහුල ජීවිතේකදි මේ වගේ ටෙක්නොලොජියක ප්‍රයෝජන ගොඩක් තියෙනවා. නිකමට හිතන්න මෙහෙම. ඔයාට වෙනිං කොහේහරි තැනක තියෙන වචන තවත් තැනකට පේළියෙන් පේළිය පේස්ට් කරන්න වෙනවා වගේ දෙයක්. ඒ වෙලාවට ඔයාට කරන්න වෙන්නෙ ෆෝන් එකේ අදාල තැන් අතර මාරු වෙවී කොපි කර කර පේස්ට් කරන්න. ඒක කරදරයක් වෙන්නෙ ෆෝම්ස් බාගයක් පුරවගෙන යනකොට අත වැරදිලා ඇප්ලිකේෂන් ක්ලෝස් වුනහම. නැතිනම් ඒ දේ රැම් ඕවර් යූසේජ් නිසාත් වෙන්න පුළුවන්. මේකට හොඳම උදවුව මේ වගේ මල්ටි කොපි පේස්ට් ක්ලිප්බෝඩ් එකකින් ගන්න පුළුවන්. කරන්න තියෙන්නෙ. ඕන ටික එකපාර කොපි කරගෙන ඩිස්ප්ලේ එකේ අයිනක තියාගන්න පුළුවන් ෆ්ලෝටින් අයිකන් එකෙන් ටික ටික පේස්ට් කරන එකයි. වැඩේ හරිම සරළයි.






4. වොයිස් කමාන්ඩ්


Source – greenbot.com


මේ කියන්න යන්නෙ ‍පොඩි කෑල්ලක්. කට්ටිය වොයිස් කමාන්ඩ් පාවිච්චි නොකරන ප්‍රධාන හේතු දෙකක් තියෙනව. එකක් ප්‍රසිද්ධියෙ සුද්දගෙ බහ කතා කරන්න වෙන අවුල. අනෙක තමයි අපි කතා කරාට සුද්දගෙ ඇක්සන්ට් එක වගේ කොලිටියට නැති නිසා අපි කියන දේවල්වලට අමතරව වෙනි වෙනිං දේවල් ෆෝන් එකේ සිද්ධ වෙන එක. අපි මේ කියන්නෙ එහෙම කියල වොයිස් කමාන්ඩ් අතෑරලා දාන්නෙ නැතුව කෝල් එකක් ගන්න, ෆොටෝ එකක් ගහගන්න වගේ සරළ කාරණාවලට වොයිස් කමාන්ඩ් පාවිච්චි කරන්න කියලයි.තමුංගෙ මොබයිල් ඇසිස්ටන්ට් වුනත් ටිකක් ටිකක් තමුංගෙ බහ අඳුනගද්දි වැඩේ නැගලා යාවි.


5. ට්‍රස්ටඩ් කන්ටෑක්ට්ස්


Source – phonearena.com


මේ කියන්නෙ පරිස්සම ගැන කතාවක්. අපි හැමෝම කැමතියි අපි ආදරය කරන මිනිස්සු පරිස්සමට ඉන්නවනං. නිකමට හිතන්න මෙහෙම. තමුන්ගෙ ස්වාමිපුරුෂයා ගෙදර එන්න පැයක් පරක්කු නිසා ඔහුට කතා කරලා බලන බිරිඳක් ඔහු ඒ ඇමතුම ආන්සර් නොකලොත් දුක් වෙන්නෙ නැද්ද? බය වෙන්නෙ නැද්ද? නිකමට හිතන්නකො මෙහෙම. ඔයාගෙ ෆෝන් එක ඕෆ් ලයින් තිබුනත්, නින්ද ගිහින් ආන්සර් කරන්න බැරි වුනත්, බැටරි බැහැලා තිබුනත් ඔබේ විශ්වාසීන්ට ඔබ ඉන්න තැන දැනගන්න ඉඩ මේ හරහා ලැබෙනවා. හදිස්සියේ අතරමං වුනත් තමුන්ගේ විශ්වාස කටයුතු මිනිස්සුන්ට තමුන් ඉන්න තැන මේ හරහා දන්වන්න පුළුවන්.


6. ගූග්ල් ක්‍රෝම් Pin Tab


Source – guidingtech.com


වැඩ අස්සෙ ෆුල් බිසී වෙලා ටැබ් සීයක් විතර ඕපන් කරගෙන වැඩ කරද්දි වැරදිලා හරි නොදැනුවත්කමින් හරි ටැබ් එකක් ක්ලෝස් වෙන එක හරිම කරුමයක්. හුඟ වෙලාවට මේකක් ක්ලෝස් උනා කියල ලොකුම අවුලක් වෙන්නෙත් නෑ හිස්ට්‍රි හරහා ගොඩගන්න පුලුවන් හින්ද. ඒ උනත් ඒ තරම්වත් මහන්සි වෙන්නෙ නැතිව තමන්ට තියාගන්න ඕනෙ ටැබ්ස් වැරදිලාවත් ක්ලෝස් නොවෙන විදිහට හදාගන්න පුලුවන් Pin Tab ඔප්ෂන් එක පාවිච්චි කරන එකෙන්. තමන්ට අවශ්‍ය ටැබ් එක රයිට් ක්ලික් කරලා Pin Tab සිලෙක්ට් කරන්න විතරයි තියෙන්නෙ. ටැබ් එක අයින් කරන්න ඕනෙ උනහම ආයෙමත් Unpin කරල දාතැහැකි.


7. පුංචි ගැජට්


Source – heavy.com


ඔය පොඩි පොඩි ගැජට් තියෙනවනෙ අපි ප්‍රයෝජනවත් කියලා නොහිතන. ලාබ වීආර් ග්ලාසස් දෙකක් අපි නොගන්නෙ නිකං රටට ලෝකෙට විහිළුවක් වෙන්න ඕන නෑ, අනේ ඕව දාගෙන අපි බලන වීඩියෝ වගේ අදහසකින් උනාට ඇත්තටම මේ දියුණු ලෝකයේ ඔබට වීආර් කණ්නාඩි කුට්ටමක් ප්‍රයෝජනවත් වෙන්නට පුළුවන්. ඒ ඔබට කිසිඳු දැනුමක් නැති යමක් ගැන දැනුම ලබාගන්නටත් වෙන්න පුළුවන්. ඔබ හිතනවනම් ඔබේ ස්මාට්ෆෝනයට කේස් එකක් අවශ්‍ය නැහැ කියලා ඔබට වැදගත් වෙන කේසස් තියෙනවා. බැටරි පැක් එකක් එක්ක, පොඩි පොකට් එකක්, හෝල්ඩර් එකක්, අමතර බැටරියක්, වගේ විවිධ උපයෝගිතා එක්ක බැක් කවර් කේසස් ෆෝන් එකට හොයාගන්න පුළුවන්. අනේ අපේ දිවිලි, මොන බොරු වැඩද කියලා හිතලා ෆිට්නස් බෑන්ඩ් එකක් නොගෙන ඉන්නවනං නිකමට අරගෙන බලන්න. දවසින් දවස කවුන්ට් එක වැඩි කරගන්න ආස හිතේවි. සිද්ධ වෙන්නෙ නරකකුත් නෙමෙයි. ඇඟටත් හොඳයි.