අන්තිම කැමැත්තෙන් අමුතු සර්ප්‍රයිස් දුන්නු පුද්ගලයෝ
කතාවක් තියෙනවා මිහිපිට විශ්වාස කරන්න පුළුවන් ඉපදෙන්න ඉන්න මිනිහයි, මැරිච්ච මිනිහයි විතරයි කියලා.ඉතින් එහෙම කතා කියනකොට අපිට අන්තර්ජාලේ හරහා ආරංචි වෙනවා තමන් මියගියාට පස්සේ මෙන්න මේ දේවල් වෙන්න ඕනේ කියලා හරිම අමුතු අන්තිම කැමති පත්තර ගහපු එක එක රටවල අමුතු අමුතු කට්ටිය ගැන.මේ අය අතර ඉතාම ජනප්‍රිය අයත් ඉන්නවා. එහෙනම් කියවලම බලමුකො මේ අයගෙ පිස්සු හැදෙන අන්තිම කැමැත්තවල් මොනවද කියල.
01.මිරියම් බර්බෑන්ක්
Source – drum.co.za
මිරියම් බර්බෑන්ක් මියයන්නේ වයස 53 දී. ජීවත් වෙලා සිටින කාලයේ බොහොම විනෝදකාමී ජීවිතයක් ගෙවූ මිරියම්ට තමන්ගේ මරණය පවා සාම්ප්‍රදායික මරණයක් ලෙසට සමරන්නට උවමනා වුනේ නැහැ. ඇයට තමන්ගේ මරණයන් පසුව උදාවෙන අවසාන දිනයත් ගත කරන්නට උවමනා වුයේ සිගරට්ටුවක් එක අතකිනුත් විස්කි වීදුරුවක් තවත් අතකිනුත් ගෙන සාදයක මේසයක් අසලට වී කල් ගත කරන ලෙසින් තමන්ව අනික් අයට පෙනෙන්නටයි.
02.ජෙරමි බෙන්තම්
Source – hyperallergic.com
ජෙරමි බෙන්තම් කියන්නේ බ්‍රිතාන්‍ය ජාතික චින්තකයෙක්. ඒ වගේම සත්ව අයීතීන් පිළිබඳ ක්‍රියාකාරිකයෙක්.ඔහු මිය යන්නේ 1832 දී තමන් සන්තක ධනය බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයට භාර කරමින්. ඒත් එක්කම ඔහු එක අමුතු ඉල්ලීමක් කරනවා. තමාගේ මරණයෙන් පසුව තමන්ගේ ශරීරය ඉටිරුවක් බවට පත් කරන ලෙසත්,විශ්වවිද්‍යාල ප්‍රධාන රැස්වීම් වලදී තමන්ව සහභාගී කරගන්නා ලෙසත්.
මේ ඉල්ලීම පිළිගන්නා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය ඔහුගේ මරණයෙන් සියවසක් පමණ යනතුරුත් ඔහුව තමන්ගේ රැස්වීම් වලට සහභාගී කරගත්තා. ඒඔහුගේ අස්ථි සැකිල්ල ඉටි වලින් ආවරණය කොට සාදන ලද ඉටි රුවක් ලෙසටයි.
03. T.M.සින්ක්
Source – planetdolan.com, cylonsky.blogspot.com
අයෝවා ප්‍රාන්තයේ ජීවත් වූ නීතිඥවරයෙකු වෙන සින්ක් මහතා තමන්ගේ අවසාන කැමැත්ත බොහොම අරුම පුදුම විදියට ලියූ අයෙක්. ඔහුගේ සම්පුර්ණ වත්කමෙන් ඔහුගේ දුවට අයිතිවෙන්නේ ඩොලර් 5ක ආදායමක් විතරයි.
මෙයට අමතරව ඔහු සතුව තිබෙන පවුම් 35000ක් වටිනා වතු යායෙන් එන ආදායම් වසර 75ක් යනතුරු පදනමකට යටත්වයි තිබෙන්නට ඕනේ.මේ වසර 75 අවසානයේදී එකතුවන මුදල් පුස්තකාලයක් සෑදීම සඳහා තමයි යොදවන්නට නියම කර තිබුණේ. හැබැයි තව විශේෂ කරුණක් මේ අවසාන කැමැත්ත මගින් ඉල්ලල තිබ්බ. ඒ තමයි මේ පුස්තකාලයට කිසිම කාන්තාවකට ඇතුළු වන්නට අවසර නොදිය යුතුයි කියන එක.
කෙසේ වෙතත් සින්ක් මහතාගේ දුව සහ බිරිඳ උසාවියට අභියාචනා කිරීමෙන් අනතුරුව වතුයායේ අයිතිය ලබා ගැනීමට ඔවුන් සමත් වෙනවා. සින්ක් මහතා හීන දැක්ක “ගැහැණු නැති පුස්තකාලේ” හදන එක සදහටම වැළකෙනවා.
04. සොලමන් සැනබෝර්න්
Source – texaswillsandtrustslaw.com
සොලමන් සැනබෝර්න් කියන්නේ රණවිරුවෙක්. රණවිරුවෙක් වුනාට ඔහුගේ සිතුම් පැතුම් හරි පුදුමාකාරයි. ඔහුගේ අවසන් ප්‍රාර්ථනය වුනේ තම මරණයෙන් පසුව සිය සමෙන් ඩ්‍රම් දෙකක් තැනිය යුතුයි කියන එකයි. එසේ තනන ලද ඩ්‍රම්ස් රැගෙන සෑම වසරකම ජුනි 17 වන දිනට බංකර්හිල් වෙත ගොස් “යැංකි ඩූඩ්ල් ඩැන්ඩි” ගීතයේ තාලයට වාදනය කරන ලෙස තමන්ගේ මිතුරෙකුගෙන් ඔහු ඉල්ලා තිබුණා. ජූනි මස 17 වැනිදාට යෙදෙන බංකර්හිල් සටනේ සංවත්සරය සැමරීම සඳහා තමයි එසේ කරන ලෙස ඔහු ඉල්ලා තිබුණේ.
05. සැන්ඩ්‍රා වෙස්ට්
Source – hispamotor.net
1977 දී මියගිය ඇමෙරිකාවේ සමාජසේවිකාවක වූ සැන්ඩ්‍රාවෙස්ට්ගේ අවසාන ඉල්ලීම වුයේ තමාගේ මරණින් පසුව තමා පැදවූ ෆෙරාරි රථයේ හිඳුවා වල දමන ලෙසයි. සුදු පැහැති නිදන ඇඳුමකින් සරසා, සුවපහසු ලෙසට සැකසූ අසුනේ සතපා ඇයව භූමදාන කරන ලෙසටයි ඇයි වැඩිදුරටත් ඉල්ලා තිබුණේ. කෙසේ වෙතත් ඇයත් සමඟ වලදමන රථය කවුරුන්හෝ සොරා ගනීවියයි සිතා වාහනය මතින් කොන්ක්‍රීට් තට්ටුවක් අතුරා භූමිදාන කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.
06. මාර්ක් ගෘඑන්වල්ඩ්
Source – findagrave.com
ඇමෙරිකානු ජාතික චිත්‍රකතා ශිල්පියෙකු වෙන මාර්ක් ගෘඑන්වෙල්ඩ් තමන්ගේ අන්තිම කැමැත්ත ලියන්නේ හරි පුදුම ඉල්ලීමක් කරමින්. ඒ තමන්ගේ මරණයෙන් පසුව තමන්ගේ දේහය පිලිස්සු අළු තමන් රචනය කල“Squadron Supreme” කොමික් චිත්‍රකතාව මුද්‍රණය කිරීමට යොදාගන්නා තීන්ත සමඟ මුසු කර අදාළ පොත් මුද්‍රණය කරන ලෙසයි.
7. එලිසබෙත් ටේලර්
Source – pinterest.com, extratv.com, trending.womensforum.com
එලිසබෙත් ටේලර් කියන්නේ ඇමෙරිකානු සිනමාවේ මෙතෙක් කල් සිටි ජනප්‍රියම නිළියන්ගෙන්කෙනෙක් කිව්වොත් හරි. කොච්චර ජනප්‍රිය වුනත් එයාටත් පොඩි පුරුද්දක් තිබ්බාලු. ඒ තමයි කොහේ ගියත් කොතැනට ගියත් යන තැනට යන්නේ පරක්කු වෙලාලු. ඉතින් මේ ගතිය ජීවිත කාලයක් පුරාවට තිබ්බට කවුද හිතන්නේ ඒක එයාගේ අන්තිම කැමැත්තටත් ඇතුලත් වේවි කියලා.
2011මාර්තු 23 මියගිය එලිසබෙත්ගේ අවසාන කටයුතු සිදු කෙරුනේ මාර්තු 25 වැනිදා පවුලේ සුසාන භුමියේදීයි. සුසාන භුමියේ දොරටුව අභියස මිනිත්තු 15ක් පමණ නවතාගෙන සිටි රථ පෙළ සුසාන භුමිය තුලට ගැනුනේ අවසන් ගෞරව දක්වන උත්සවය පටන් ගන්නවා කියූ වෙලාවට මිනිත්තු 15 පමණ පරක්කු වීයි.
මේ ගැන සොයා බැලු අයට දැනගන්නට ලැබුනේ එලිසබෙත් ගේ අවසාන ඉල්ලීම් වලින් එකක් ලෙස තමාගේ මරණයෙන් පසු සුසාන භූමියට යාමත් පරක්කු වී ඉටු කරන ලෙසට කල ඉල්ලීමට ගෞරවයක් වශයෙන් එලෙස පරක්කු කල බවයි.
8. ෆ්‍රෙඩ් බවර්
Source – thecount.com, wikipedia.org, midliferocksblog.com
ෆ්‍රෙඩ් කියන්නේ ඇමරිකාවේ උපන් රසායන ඉංජිනේරු වරයෙක්. වර්තමානයේ රසකර කන ප්‍රින්ගල්ස් අල පෙති ටියුබ ඇසුරුමට පේටන්ට් බලපත්‍රය රැගෙන තියෙන්නේ ඔහුයි. මේ නිසා ඔහු ඇසුරුම් කරන තාක්ෂණවේදියෙක් ලෙසත් හඳුන්වනු ලබනවා.
වසර 2008දී වයස අවුරුදු 89 ආයු වළඳා බවර් මහතා අභාවප්‍රාප්ත වන විට ඔහු ගේ අවසාන ඉල්ලීම් අතර එක අපුරු ඉල්ලීමක් තිබුනා. ඒ තමයි තමන්ගේ අළු ප්‍රින්ගල්ස් ටියුබයක බහා වලදමන ලෙස. මේ අහිංසක ඉල්ලීමට ප්‍රින්ගල්ස් හිමිකරු වෙන ප්‍රොක්ටර් ඇන්ඩ් ගැම්බල් සමාගම බොහොම පහසුවෙන් අවසරය ලබාදුන් බව කියවෙනවා.
බෝනස්- පත්මසිරි ද සිල්වා
ytimg.com
මේ කියන්න යන්නෙත් පහුගිය දවස්වල වාර්තා වෙච්ච අරුමු පුදුම අන්තිම කැමැත්තක් ගැන. මේ සිදුවීම වාර්තා වෙන්නෙ නම් අපේ රටෙන් තමයි. අම්බලන්ගොඩ ප්‍රදේශයේ ජීවත් වූ ප්‍රකට තබ්ලා වාදකයෙක් වෙච්ච පත්මසිරිද සිල්වා කියන කළාකරුවගේ අන්තිම ඉල්ලීමකට අනුව තමයි මේ අමුතු විදිහේ අවමගුල් චාරිත්‍රය ඉටුකරල තියෙන්නෙ. ඔහුගේ ඉල්ලීම තමයි තමන්ගේ අවමගුල් උත්සවය පැවැත්වෙන අතරතුර සංගීත භාණ්ඩ වාදනය කරමින් පැදුරු සාජ්ජයක් පවත්වන්නය කියන එක. අවසානයේදී පත්මසිරි මහතාගේ මිතුරන් විසින් ඒ ඉල්ලීම ඉටුකොට තිබෙනවා.
