ජනප්‍රිය චිත්‍රපටි, ටෙලිසීරීස් වල තිබුණු අපූරු වාහන


අපි ෆිල්ම් ඩ්‍රාමා බලන්න කොහොමත් ආසයිනේ. අනික ඔය ලිස්ට් වල තියෙන ත්‍රිලර්, කාර් චේසින්, ටෙකී එව්වාත් අපි අතහරින්නෙම නැහැනේ. ඉතින් මෙහෙම බලන නිර්මාණ වල තිබෙන වාහන ගැනත් අපේ ඔලුව නිතරම යොමු වෙනවා කියන එක අහන්නත් දෙයක් ද?
ඉස්සර අපි ආසාවෙන් බලපු සමහර ෆිල්ම් වල තියෙන වාහන තවමත් අපේ මතකයේ තියෙනවා. නිදසුනක් විදියට Knight Rider කතාවේ K. I. T. T රථය, Back to the Future චිත්‍රපටයේ අමුතු කාර් එක වගේ එව්වා අපේ හිත් ගත් වාහන වලින් කිහිපයක් පමණයි.
ඉතින් මෙන්න මේ පැරණි මතකය අවුස්සන්න, අපේ මතකයේ තියන ටීවී, ෆිල්ම් වාහන කිහිපයක් ලිස්ට් එකක් විදියට ඔබ වෙතට ගෙන එන්නටයි මේ සුදානම.

1. Aston Martin DB5
Cars from Film and TV
Source – hotwheels-elite.com
චිත්‍රපටය: Goldfinger (1963)
ජේම්ස් බොන්ඩ් කියන්නේ ඉතිහාසයක් නිර්මාණය කරපු චිත්‍රපට මාලාවක්. ඉතින් වර්තමානය වෙනකොට එය චිත්‍රපට සම්ප්‍රදායක් බවට පත් වෙලා. ජේම්ස් බොන්ඩ් චිත්‍රපට වල විශේෂත්වය තමයි ඔවුන් භාවිතා කරන වාහන වල තියෙන අමුතු අමුතු ගැජට්ස් පෙළ. ඒවා අපි මේ කතා කරන ඇස්ටන් මාර්ටින් DB5 කාර් එකටත් එකතු කරලා තිබෙනවා. Goldfinger සහ Thunder Ball චිත්‍රපටි දෙකේම තිබෙන්නේ මේ මෝටර් රථය තමයි.
රැම් බම්පර්, තුවක්කු, හදිසියේදී ඉවත් කල හැකි සීට්, විශේෂයෙන්ම එකල වාහන වලට එන්නටවත් සිතා නැති නැවිගේෂන් සිස්ටම්ස් මේ සියල්ලම පළමු බොන්ඩ් චිත්‍රපටයේ සිටම වාහනයේ තිබුණු දේවල්. එකල ඇස්ටන් මාර්ටින් DB5 මෝටර් රථ උන්මාදයක් පැවතුනු අතර මේ මෑතකදිත් DB5 මෝටර් රථ කිහිපයක් අලෙවි වී තිබුනේ ඩොලර් මිලියන 4.6 කටයි.


2. K. I. T. T (Pontiac Trans AM)
Cars from Film and TV
Source – imdb.com, medium.com
නාට්‍යය : Knight Rider
ඔයා 80 දශකයේ දරුවෙක් නම් ඔයාටත් නයිට් රයිඩර් අමතක වෙන්න විදියක් නැහැ. ස්මාර්ට් උපාංග ගැන අහලවත් නැති ඒ කාලේ කෘත්‍රිම බුද්ධියක් තියෙන කාර් එකක් එක්ක අතේ බැඳගෙන ඉන්න උපාංගයකින් අදහස් හුවමාරු කරගන්නව  කියන්නේ අපේ දැනුම් මට්ටමෙන් එහා ගිය අත්දැකීමක් තමයි.
මේ නාට්‍යය සඳහා භාවිතා කලේ 1982 නිෂ්පාදනය කල Pontiac Trans AM රථයකුයි. කුපේ රථයක් වන මෙය නාටකයේ නිෂ්පාදකයින්ට උවමනා ආකාරයට වෙනස් කර භාවිතාවට ගනු ලැබුවා.


3. Reliant Regal
Cars from Film and TV
Source – nocookie.net, imdb.com
නාට්‍යය: Mr. Bean
මොන මගුලක්ද මන්දා බීන් ගේ කාර් එකට ඉඩ දෙන්නේ නැති මේ රෝද තුනේ කාර් එක දැක්කම අපිටත් ඒ කාලේ හිතට පොඩි තරහක් ආවට දකින දකින හැම වෙලාවේම ඒක පෙරලගන්න නිසා පොඩි හිනාවකුත් නොගියා නෙවෙයි.
රිලායන්ට් රීගල් කියන්නේ බ්‍රිතාන්‍යයේ 1953 සිට 1973 අතරේ නිෂ්පාදනය වුනු ට්‍රයිසිකල් වර්ගයේ වාහනයක්. බරින් බොහොම අඩු වාහනයක් වෙන මෙය එකල යතුරු පැදි ධාවන බලපත්‍රයෙන් ධාවනය කල හැකි වූවා. නමුත් වර්තමානයේ නැවත නිෂ්පාදනයක් නොවෙන නිසා මේ වාහන පෙනෙන්නට ඇත්තේ කෞතුක භාණ්ඩ එක්කාසු කරන්නන් අතේ විතරයි.


4. Classic Mini Cooper
Cars from Film and TV
Source – drafthouse.com, imdb.com
නාට්‍යය/ චිත්‍රපටය : Mr. Bean / Italian Job
අපි මිනිකූපර් ගැන නම් මෙයට කලිනුත් ලිපි කිහිපයකම තොරතුරු ඇතුලත් කළා. නමුත් එහෙම ඇතුලත් කළා කියලා මිනී කුපර් තියෙන ෆිල්ම් සහ නාට්ටි ගැන නොකියා කොහොමද? නාට්ටිය තමයි මිස්ටර් බීන්. ඒක ගැන කිව්වනේ. ෆිල්ම් එක තමයි ඉටෑලියන් ජොබ්. මේකේ මිනි කූපර් වලින් තමයි රොබරියට අවශ්‍ය ගමන් බිමන් ටික කරන්නේ සහ පොඩි කාර් චේස් සීන්ස් ටික කෙරෙන්නේ.
මිනිකූපරේ තියෙන හුරුබුහුටි බව, ශක්තිය, වේගය, සිත්ගන්නා සුළු බව වගේ හේතු නිසා මිනි කූපරේ එක්කම ආපු මේ කතන්දරත් හිට් වුනා කියලා කියන්න පුළුවන්.


5. Camaro SS
Cars from Film and TV
Source – imdb.com, pinterest.com
චිත්‍රපටය : Transformers
තමන්ගේ නායකයා වෙන ඔප්ටිමස් ප්‍රයිම් දිහා බොහොම සැලකිල්ලෙන් බලා ඉන්න, අනෙක් සාමාජිකයින්ව බලාගන්න “පුංචි සහෝදරයා” කියන තේරුම ඇතිව කහ පැහැති මෝටර් රථයක් විදියට රුපාන්තරණය වෙන්නට හැකි අපූරු ඔටෝබෝට් තමයි “බම්බල් බී” කියන්නේ. ට්‍රාන්ස්ෆෝමර් චිත්‍රපටයේදී බම්බල් බී ගේ චරිතයට පණ දෙන්නේ කැමාරෝ SS මෝටර් රථයක්. මස්ල් මෝටර් රථයක් වෙන මෙය චිත්‍රපටිය ලද ජනප්‍රිය බව නිසාම අලෙවියෙන් ඉහල ගිය බව සඳහන්.


6. Toyota supra
Cars from Film and TV
Source – imdb.com, fastandfurious.wikia.com
චිත්‍රපටය: Fast and the furious (2001)
මතකද පළවෙනි ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් චිත්‍රපටය? එකේ තිබ්බ ලස්සන හුරුබුහුටි තැඹිලි පාට බට්ටා කාර් එක තමයි මේ. ටොයෝටා සුප්රා කියන්නේ ටොයෝටා සමාගමෙන් හදපු අපූරු මෝටර් රථයක්. චිත්‍රපටයේ පෝල් වෝකර් රහස් පොලිස් නිලධාරියෙකු ලෙස හසුරවන මේ වාහනය සහිත චිත්‍රපටය. ඒ කාලේ වාහන පිස්සන්ට පිස්සු හැදෙන චිත්‍රපටයක් වුන බවත් මතක් කල යුතුයි.


7. 1976 Lotus Esprit Series I
Cars from Film and TV
Source – designntrend.com, barbara-bach.com
චිත්‍රපටය: The Spy Who Loved Me
මේ කාර් එක ගැන හොඳටම මතක තියෙන්නේ බොන්ඩ් ධාවනය කරන්නේ ලෝටස් ස්පිරිට් හර්ඩ් සීරිස් 1 මෝටර් රථයක් වීම නිසා. පෙනුමින් සපෝර්ට් කාර් එකක ලුක් එක තියෙන මේ කාර් එක අපිට මතක තියෙන්නේ චිත්‍රපටය තුලදී මෙයට එකවරම සබ්මැරින් එකක් බවට පත් වෙන්නට ඇති හැකියාව නිසයි.
දෙපාරක් හිතන්නේ නැතුව බොන්ඩ් මේ කාර් එක වතුරට පන්නලා වතුර යටින් යනකොට අපිටත් මේ වගේ කාර් එකක් අයිති කරගන්න තිබ්බානම් කියල අනන්තවත් හිතුනා.


8. Lexus 2054 Concept
Cars from Film and TV
Source – wikipedia.org, imdb.com
චිත්‍රපටය: Minority Report
අපේ අනාගතය සහ අනාගත ප්‍රවාහනය මෙන්න මෙහෙම වෙයි කියලා හිතුනා නම් ඔබ මයිනොරිටි රිපෝර්ට් ෆිල්ම් එක බලලා තියෙනවා හරියටම. මතකද කොලින් ෆෙරෙල් එලවාගෙන එනකොට ටොම් කෘස් එල්ලිලා පැනලා යන වාහන එස්ම්බ්ලින් ප්ලාන්ට් එකේ හදන කාර් එක? ආ ඒ තමයි ලේක්සස් 2054 කොන්සේප්ට් කාර් එක. ඒක මේ වෙනකොටත් ඇත්තටම හදලා අවසානයි. මේ ඉබේ දුවන (Driverless) ලේක්සස් කාර් එක මුලින්ම එළිදක්වන්නේ ඩේට්‍රොයිට් මෝටර් ෂෝ එකේදී. එහෙම හදලා එළිදක්වපු කාර් එක තමන්ගේ නිර්මාණයට කොහොම දායක කරගත්තද කියලා දන්නේ ස්පිල්බර්ග් මහත්තයාම තමයි.


9. Chevrolet 2500 Silverado Fleetside
Cars from Film and TV
Source – gtagaming.com, imdb.com
චිත්‍රපටය : Kill Bill (1997)
ටරන්ටිනෝ හදපු මේ ෆිල්ම් එකේ අපි මේ කියන්න හදන වාහනේ නම තමයි “Pussy Wagon” කියන්නේ. හැබැයි නමේ තේරුමත් එක්ක වාහනේට දෙන අර්ථය වෙනස්ම එකක් වුනාට උමා තර්මන් පළවෙනි කොටසේදී එලවාගෙන යන මේ වාහනය වෙනත් චිත්‍රපට වල වගේ කාර් එකක් නම් නොවෙයි. මේක කැබ් එකක්. ශේවර්ලේ 2.5 ඩීසල් එන්ජින් එකක් සහිත සිල්වරාඩො කැබ් එකක් තමයි උමා කිල්බිල් චිත්‍රපටයේදී එලවාගෙන යන්නේ.


10. Chevy Nova 1970
Cars from Film and TV
Source – imdb.com, carthrottle.com
චිත්‍රපටය: Death Proof
මතකද අර ලස්සන කෙල්ලෝ හප්පලා මරණ ග්රයින්ඩ්හවුස් වර්ගේ ඔලුව පිස්සු වට්ටන ෆිල්ම් එකක් තියෙන්නේ. ෆිල්ම් එකේ නම Death Proof . මේකත් ටරන්ටිනෝගෙ ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ කාර් චේසින් සීන් කිහිපයක්ම තියෙනවා. ප්‍රධාන චරිතයක් කරන කර්ට් රසල් එලවන්නේ මේ අපි කියන ශවි නොවා කාර් එකක් තමයි. මස්ල් කාර් එකක් වෙන මෙය 1970දී නිෂ්පාදනය වුනත් චිත්‍රපටයේ ප්ලොට් එකත් එක්ක පුදුම විදියට ගැලපෙනවා.


11. Audi A8 L 2005
Cars from Film and TV
Source – imcdb.org, imdb.com
චිත්‍රපටය: The Transporter 2
තමන්ට දෙන පැකේජ් එක නියමිත වෙලාවට ගිහින් දෙන ටක්ස් එකක් ඇඳපු ඩ්‍රයිවර් ඉන්න ෆිල්ම් එක බලලා තියෙනවද? ෆිල්ම් එකේ නම් ට්‍රාන්ස්පෝටර්. ජේසන් ස්ටැතම් ප්‍රධාන චරිතය රඟපාන මේ චිත්‍රපටියේ ලොක්කා වැඩ දාන්නේ අවුඩි ඒ8 කාර් එකකින්. වෙලාවකට ස්පෝර්ට් කාර් එකකට වඩා ගේමක් ගහන මේ කාර් එක, පුදුම විදියට හසුරවන්න අපහසු මෝටර් රථයක් බවට ප්‍රසිද්ධ වුනත් චිත්‍රපටයේ නම් එහෙම පෙනෙන්නේ නැහැ.


12. Porsche 911 (964) Turbo 3.6 – 1994
Cars from Film and TV
Source – imdb.com, pinimg.com
චිත්‍රපටය/නාට්‍යය: Bad Boys / Californication
මතකද හෑන්ක් මූඩිගේ කාර් එක? එහෙම නැතිනම් බෑඩ් බෝයිස් එකේ මයික් ලෝරිගේ කාර් එක?  මේ දෙකටම අරගෙන තියෙන්නේ එකම වර්ගයේ කාර් එකක්. ඒ තමයි පෝර්ෂ් 911 ටර්බෝ මෝටර් රථය. 3.6ක එන්ජින් ධාරිතාවයක් තියෙන මේ මෝටර් රථය 1994 දී නිෂ්පාදනයක් කලත් පෝර්ෂ් ආයතනය සැලසුම් කල හොඳම මෝටර් රථ වලින් එකක් විදියට අදටත් ප්‍රසිද්ධයි.




13. TVR Tuscan Speed-6 2002
Cars from Film and TV
Source – tumblr.com, imdb.com
චිත්‍රපටය : SwordFish
මේ ෆිල්ම් එක බලනකොට ඇත්තටම ඒ කාලේ මොකද්ද මේ කාර් එකේ වර්ගය කියලා අදහසක් තිබ්බේ නැහැ. පස්සේ තමයි දැනගත්තේ මේ TVR Tuscan එකක් කියලා. එංගලන්තයේ නිෂ්පාදනය කල හොඳම ස්පෝර්ට් කාර් වලින් එකක් වෙන මෙය ස්වෝර්ඩ් ෆිෂ් චිත්‍රපටයේ ට්‍රැවොල්ටාගේ රංගනයට හොඳින්ම ගැලපුනා. මොකද මේ කාර් එකක් සාමාන්‍යයෙන් ලෙහෙසි පහසු පුතයෙක්ට ගන්න බැහැ. ප්‍රයිස් ටැග් එක ඒ තරමට ඉහලයි.


14. 2007 Aston Martin DBS V12
Cars from Film and TV
Source – jamesbondlifestyle.com, imdb.com
චිත්‍රපටය: Casino Royale
ජෙම්ස් බොන්ඩ් චිත්‍රපට එක්ක ඇස්ටන් මාර්ටින් කාර් කියන්නේ ගසයි පොත්තයි වගේ එකට යන දෙකක් වෙනවා. (නමුත් ස්කයිෆෝල් චිත්‍රපටයට ඉයන් ෆ්ලෙමින් අරගෙන තිබ්බේ ජගුවර් එක. ඒක වෙනම කතා කලයුතු දෙයක් වෙනවා.) තමන්ගේ අලුත්ම නිර්මාණයට එවකට තිබෙන හෝ එන්නට තිබෙන ඇස්ටන් මාර්ටින් මෝටර් රථය ඉදිරිපත් කරන ඇස්ටන් මාර්ටින් සමාගම කැසිනෝ රෝයල් චිත්‍රපටයට කරන්නෙත් එවැන්නක්මයි. ඒ ඔවුන්ගේ අලුත්ම DBS V12 මෝටර් රථය කැසිනෝ රෝයල් වෙතට ලබාදීමෙන්. ඒ වුනාට අච්චර ලස්සන කාර් එකක් හප්පගන්නකොට නම් බොන්ඩ්ගේ හොම්බට දෙකක් අනින්න හිතුනේ මට විතරද මංදා??


15. DeLorean DMC-12
Cars from Film and TV
Source – wikipedia.org, imdb.com
චිත්‍රපටය: Back to the Future
ජෝන් ඩීලොරියන් ගේ DMC-12 කාර් චිත්‍රපටයේ පෙන්වන තරම් සුපර් කාර් එකක් නෙවෙයි. නමුත් අශ්වබල 130ක ලීටර් 2.9 එන්ජිමක් සහිතව එන මේ කාර් එක චිත්‍රපටයේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනුම සහ වර්ණය වෙනස් කරලා අරගත්තලු. එහෙම නැතුවත් බැහැනේ. කාර් එකනේ ටයිම් මැෂින් එක චිත්‍රපටියේ.


16. Dodge Viper RT-10
Cars from Film and TV
Source- autoblog.com, imdb.com
නාට්‍යය : Viper
මෙට්‍රෝ නගරයේ පවතින අපරාධ රැල්ල මැඩ පවත්වන්නට ෆෙඩරල් ආණ්ඩුව එක්තරා අවියක් නිපදවනවා. ඇත්තටම මෙය අවියක් වුනාට මෝටර් රථයක්. ඒ තමයි වයිපර්. ලස්සන රතු වර්ණයෙන් පවතින වාහනය එක බොත්තමක් එබූ සැනින් අලුපාටට හැරී සුපිරි රථයක් වෙනවා ඔබට මතක ඇති. මේ නාට්‍යයට ගත් මෝටර් රථය වන්නේ Dodge Viper . අශ්වබල 400 ක ලීටර් 8.0 එන්ජිමකින් සමන්විත මේ මෝටර් රථය එකල මේ රුපවාහිනි මාලා නාටකයත් සමග බොහොම ජනප්‍රිය වාහනයක් බවට පත් වුනා.