මිල්ටන් මල්ලවආරච්චිගේ නොකියූ ආදර කතාව
අපි කවුරුත් දන්නවනේ "මිල්ටන් මල්ලවආරච්චි" කියන ගායකයා ගැන. මේ ගායකයා මෙච්චර සුන්දර විරහ ගීත ගයන්නට හේතු වූ පසුබිම් කතාව තමයි මේ. .
කවුරුත් දන්නවනේ නවලෝක සමුහ ව්‍යාපාරය ගැන. එකේ ආරම්භකයා තමා දේශමාන්‍ය එච්.කේ.ධර්මදාස මහතා. සාමාන්‍යයෙන් මිනිස්සු කිව්වේ "නවලෝක මුදලාලි" කියලා.
ඉතා දුගී තත්වයේ හිටිය මුදලාලි බොහොම අමාරුවෙන් ව්‍යාපාර කරලා දැන් ව්‍යාපාර ලෝකයේ දැවැන්තයෙක් වෙලා. කොච්චර ලොකු දැවැන්තයෙක් උනත් මුදලාලිට තිබ්බා අමුතු පුරුද්දක්. ඒ තමා සතියකට සැරයක් දෙසැරයක් වගේ සංගීත කණ්ඩායම් නිවසට ගෙනල්ල පොඩි සාජ්ජයක් දාන එක. මුදලාලි සංගීතයට ගොඩක් ඇලුම් කරපු කෙනෙක්. දවසක් මුදලාලි වාහනෙන් යනකොට පොඩි ගිටාර් කෑල්ලකුත් වාදනය කරන ගමන් ලස්සනට සින්දු කියන තරුණයෙක් ඉන්නවා දකිනවා පාර අයිනේ. මුදලාලි වාහනේ නතර කරලා මේ තරුණයට ඇරයුම් කරනවා තම නිවසේ තියෙන සාජ්ජයකට සහභාගී වෙන්න කියල. තරුණයත් බොහොම සතුටින් ඒ ඇරයුම බාර ගන්නවා. ඔහු දැන් මුදලාලිගේ නිවස හොයාගෙන යනවා. මුළු පලාතක්ම එලිය කරන සුවිසල් මන්දිරක් වෙත මේ තරුණයා පිය නගනවා. තරුණයාව දැකපු මුදලාලිත් මේ තරුණයාව පිලි අරගෙන ගීත ගයන්න ආරාධනා කරනවා.
මුදලාලිට ලස්සන දූ පොඩිත්තකුත් ඉන්නවා. මුදලාලිගේ දුව තාත්තගේ මේ සාජ්ජ වලට වැඩි කැමැත්තක් නෑ. එයා උඩු මහලට වෙලා තමන්ගේ පාඩුවේ ඉන්නවා. සංගීතයට වැඩි කැමැත්තකුත් නෑ. නමුත් අපේ මේ තරුණයාගේ කට හඩට මුදලාලිගේ දුවට ආසාවක් ඇති වුනා. දවස් කීපයක් මෙලෙස තරුණයා ගීත ගයන්න මුදලාලිගේ නිවසට ගියා. මුදලාලිටත් මේ තරුණයාව හිතට ඇල්ලුවා. ඒ තරම්ම ඒ කටහඬ ලස්සනයි. වෙනදා එක සින්දුවක්වත් අහන්නේ නැති මුදලාලිගේ දුවත් දැන් හරි හරියට මේ තරුණයාගේ ගීත අහනවා. මේ තරුණිය තරුණයා ගීත ගයන වෙලාවට සදලුතලයට ගොස් ඔහු ගයන ගීත රස විදීමට හුරුවෙලා හිටියා. හැබැයි කවදාවත් මුදලාලිගේ දුව මේ තරුණයාව දැකල නෑ. කටහඬ විතරයි අහල තියෙන්නේ.
දවසක් මේ තරුණියට මෙතරම් සුන්දර ලයාන්විත කටහඩක් තියෙන තරුණයාව දකින්න ආසාවක් ඇති වෙනවා. කොහොම හරි මේ තරුණිය හිමීට එබිකම් කරලා බලනවා මේ ගීත ගයන්නේ කවුද කියලා. දෑස් පියාගෙන දැහැනට සමවැදුනු අයුරින් ගයනා කරන කොණ්ඩය පොකුටු, සුදු, උස තරුණයෙක් ඇයට දැක ගැනීමට හැකි වෙනවා. එදා ඉදන් මේ තරුණිය මේ තරුණයාගේ කටහඬට මෙන්ම මේ තරුනයාටද හිතින් ආදරය කරන්න පෙලබෙනවා. එතැන් පටන් මුදලාලිගේ දුව මෙම තරුණයා ගී ගයන හැම දවසකම මේ තරුණයා දිහා බලාගෙන ඉන්නවා.
දවසක් අහම්බෙන් වගේ තමන් දිහා බලාගෙන ඉන්න මේ තරුණියව ඔහු දකිනවා. තමන් දිහා මහත් ඕනෑකමින් බලාගෙන ඉන්න මේ රුවැත්තිය දිහා ඔහුත් බලනවා. දෙදෙනාගේ දෙනෙත් එකිනෙකට යා වෙනවා. ඇය ඔහුට සුන්දර සිනහවකින් සංග්‍රහ කරනවා. ඔහුත් ඇයට සිහින් සිනහවක් පානවා. නමුත් තවමත් ඇය කාගේ කවුද කියලා මේ තරුණයා දන්නේ නෑ.
“ඒ වගේ දිනක් නෑ එන්නේ - ඈ කොහේ ලදක් දෝ නෑ දන්නේ
පෑ රිදී සිනා කැන් ඒ දෑසේ - මා සිතින් මැකිලා යා නොවේ....”
ගීතය ඇසීමට මෙහි Click කරන්න
එදා පටන් ඔවුන් දෙදෙනා නෙත් වලින් කතා කළා. දෙදෙනාම සිතින් එකිනෙකාට ආදරේ කරා.
"කවුරුද පාවී පාවී තුරුළු වුනා
අදර හැගුමින් ආරාධනා
මා හද පිබිදී පිබිදී අවදි වුනා
සිහිනෙන් මල් පිපුනා
මා නෙතේ සැතපිලා
මා පතා නැවතිලා
ලැගුම් සොයාලා
ඉන්න සැනහී ආරාධනා..."
ගීතය ඇසීමට මෙහි Click කරන්න
තවත් මෙය සිත තුල සිරකර ගෙන සිටීමට අපොහොසත් වූ ඇය ලිපියකින් මෙය ඔහුට දන්වනවා. තරුණිය කාගේ කවුද කියා දැනගත් තරුණයා එය පිළිගැනීමට තරමක් බිය වෙනවා. එයට හේතුව මුදලාලිගේ සිතුම් පැතුම් ගැන ඔහු දැනසිටි නිසා විය යුතුය. තමා වැනි දුප්පත් තරුණයෙකුට ඔහු තම දියණිය සරණපාවා දීමට කිසි දිනෙක කැමැති නොවන වග ඔහු දැන සිටියා විය හැක.
එහෙත් අවසානයේ ඇය ජය ගන්නවා. ඇයගේ බලවත් පෙරැත්තය මත ඇගේ ආදරය පිලි ගැනීමට මෙම තරුණයාට සිදු වෙනවා. කිසි දිනෙක ඔහුව අතහැර නොයන බවට ඇය පොරොන්දු වෙනවා. කෙදිනක හෝ ඇයව විවාහ කර ගන්නා බවට ඔහු පොරොන්දු වෙනවා.
“දිනක රන්සළු පලදා සද නැගී වේලාවෙන්
පැමිණ ඔබ ගෙන යමි කුමරියෙ පෙම් දෝලාවෙන්..."
ගීතය ඇසීමට මෙහි Click කරන්න
"සිහිනෙන් ඔබ මට පෙනෙනවනම්
අවදි නොවී ඉන්නම්
කිසිදා ඔබේ ඇත නොලැබේ නම්
සැමදා තනිවෙන්නම්..."
ගීතය ඇසීමට මෙහි Click කරන්න
දිනෙන් දින ක්‍රමයෙන් දෙදෙනාගේම ප්‍රේමය ලොවට හොර රහසෙන්ම දළුලා වැඩුනා. නමුත් වැඩි කාලයක් මෙමෙ පෙම් පලහිලව්ව රහසේ තබාගන්නට දෙදෙනා අපොහොසත් වෙනවා. ආදරයයි කැස්සයි වසන් කරන්න බෑ කියන කියමන සත්‍යයක් බවට පත් කරමින් මුදලාලිට මේ ගැන ආරංචි වෙනවා. මේක දැනගත්ත මුදලාලි යක්ෂාවේශ වෙනවා. දෙන්නටම තදින් අවවාද කරනවා මේ සම්බන්ධය නවත්වන්න කියලා. එය අසාර්ථක වූ තැන මේක නවත්වන්න පුළුවන් හැම දෙයක්ම මුදලාලි කරනවා. මේ තරුණියට නිවසින් පිට යාම පවා තහනම් කරනවා. මේ මොන කරත් මේ දෙන්නගේ ප්‍රේමය සිත්වල තව තවත් වැඩි වුනා.
"තනිවී සිටින්නයි මා අදහස් කලේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
පහදා කියුවත් නෑ සවන් යොමු කලේ
වේදනා පිරී ලොවක් ඔබයි බිහි කලේ
මගේ පාලු ලෝකයේ තනි වූ මෙමා
සක්විති රජුන් හමුවේ නැත හිස නමා
සිතුවිලි මගේ හසුරා ගත හැක නමා
මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා..."
ගීතය ඇසීමට මෙහි Click කරන්න
මේ කිසිදෙයක් කරත් හරියන්නේ නැති නිසා මුදලාලි අන්තිමට තීරණය කරනවා නිවසේ කරන සාජ්ජ සියල්ල නවත්තලා මේ සංගීත කණ්ඩායම් එක්ක එන තරුනයාටත් ඒ සුවිසල් මන්දිරය එතැන් පටන් තහනම් වෙනවා. ඔහුට මැදුරේ දොරගුළු වැහෙනවා.
"මැදුරේ දොරගුළු ලු නියා
අදුරේ මා තනිවූ නියා
මට සිහිවෙනවා
මේ දැන් වාගේ
නෑ මා හැඩුවේ එදා
රන්මසු නැහැ කියා
මා දිලිදුයි කියා
කිවා මට තව මතකයි ඒවා...”
ගීතය ඇසීමට මෙහි Click කරන්න
මුදලිගේ එක් උත්සහයකින්වත් දෙදෙනා වෙන් කිරීමට නොහැකි විය. අවසානයේ මුදලාලි තමන්ගේ තුරුම්පුව සොයා ගත්තේය. අමුතුම උපායක් මුදලාලිට සිහි විය. එතැන් පටන් මුදලාලි ක්‍රියා කලේ සම්පුර්ණයෙන්ම කන පිටටය. නැවතත් මෙම තරුණයාට සංගීත කණ්ඩායම සමග සජ්ජයේ ගීත ගැයීමට හැකි විය. ඉන් ඵල නෙලා ගත් පෙම් යුවල නැවතත් ප්‍රේමයෙන් වේලෙන්නට පටන් ගත්තේය. තමන්ට සිටි එකම බාධකය වූ මුදලාලි දැන් වැඩි අකමැත්තක් නොපෙන්වන නිසා කිසිදු බියක් දෙදෙනා තුල නොවීය.
නමුදු මුදලාලි සුදුසු තැන බලා ඇණය ගැසුවේය. මෙම දෙදෙනාගේ සම්බන්ධයට කැමති වීමට නම් මෙම තරුනයාද තමන් තරමට පොහොසතෙකු විය යුතු බව ප්‍රකාශ කල මුදලාලි ඔහුට එතෙර රැකියාවක් සොයා දී පිට මන් කළේය. එහිදී මේ තරුණයා ගුවන් තොටුපොලෙන් පිටවී යන අවස්ථාවට සහභාගී වීමටවත් තරුණියට අවසර ලැබුනේ නැත.
“ඒදා රැ ගුවන්තොටුපොලේදි මා
වෙන්වී ගියේ
සිතකින් නොවේ
නෑ සිය මිතුරන් පැමිණීලා
ආසිරි සුභ පැතුම් පැතුවා
ඔබ නාවේ ඇයි මිහිරියේ..."
ගීතය ඇසීමට මෙහි Click කරන්න
දුරු රටක තනී වී දුක් මහන්සියෙන් හරි හම්බ කලත් එය ඔහු විද දරා ගත්තේ සතුටිනි. ඒ මේ සියල්ලම ඇය වෙනුවෙනි කියා සිතමිනි. එකල පණිවුඩ හුවමාරු කිරීමේ ප්‍රධානම ක්‍රමය වූ ලිපි මගින් මෙම දෙදෙනා තම අදහස් හුවමාරු කර ගැනීමට වෙර දැරීය. හැකි සෑම විටම ඔහු ඇය වෙත ලිපි ලිවීමට පුරුදු වී සිටියේය. එය ඔහුගේ එකම සතුට බවට පත් විය.
“මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි
ඔබ සිහි කර කර ඔබට ලියන ඒක මට ඇති එක සතුටයි..."
ගීතය ඇසීමට මෙහි Click කරන්න
එහෙත් වැඩි කලක් මෙලෙස ඔවුනට ලිපි හුවමාරු කර ගැනීමට නොහැකි විය. මුදලාලි ඊට හරස් විය. ඔහු විසින් එවන ලිපි දියණියට හමු වීම වැලක්වූ මුදලාලි තරුණිය ඔහුට යැවූ ලිපිද තම සබදතා සහ බල පුළුවන්කාරකම ප්‍රයෝජනයට ගෙන ඔහුට ලැබීම අවහිර කළේය.
මෙලෙස දෙදෙනා අතර ලිපි මගින් තිබු සබදතාවය පවා නැවත්වූ මුදලාලි කෙමෙන් කෙමෙන් තම දියණියගේ ඔලුවට විෂ බීජ ඇතුළු කිරීමට සමත් විය. ඔහු වෙනත් තරුණියක හා හාද බව පවසමින් දියණියගේ සිත වෙනස් කිරීමට උත්සහ කල පියා අවසානයේ ජය ගත්තේය. දියණියගේ සිත වෙනස්වූ විගස එයින් ප්‍රයෝජන ගත් පියා තම පවුලට ගැලපෙන තරුනයෙක්ව ඇයට යෝජනා කළේය. මහත් කලකිරීමට සහ ඉච්චාභංගත්වයට පත්ව සිටි තරුනියද එම යෝජනාවට කැමැත්ත පල කළේය.
මේ අතර කිසිදු තොරතුරක් දැනගැනීමට නොහැකිව සිටි තරුණයාට අවසානයේ දැනගැනීමට ලැබෙන්නේ ඔහු පනමෙන් ආදරය කල තරුණිය පොහොසත් තරුණයෙකු හා ලගදි විවාහවීමට යන බවයි. මෙයින් දැඩි දුකට පත් තරුණයාට කල හැකි කිසි දෙයක් නැත. ගිවිසුම් කාලය අවසාන වනතුරු නැවත සිය රට බලා යාමටද ඔහුට හැකියාවක් නොමැත. ඉතාමත් අසරණ වූ තරුණයාට කළහැකි එකම දේ සිතින් ඇයට සුභ පැතීම පමණි.

“අද හෙට ඔබ මා අතහැර යන බව
දැනගන්නට ලැබුනා
රහසින් මට ඇසුණා
ඔබ රවටා නැත
ඔබ හඩවා නැත
දැන දැන මා නම් වැරදි කරේ නැත
ඔබ ගැන මට පුදුමයි
වෙනසක තතු නොහැගෙයි..."
ගීතය ඇසීමට මෙහි Click කරන්න
"ඉවුරු තලා ගංගා බැස යනවා
මහද සලා ඔබ ඈතට යනවා..."
ගීතය ඇසීමට මෙහි Click කරන්න
"දවසක් තියේවී වෙන්වුණු ඔබ මා නැවතත් මුණ ගැසෙනා
කඳුලක් තියේවි මා ළඟ ඒ දිනේ ඔබේ නමින් දරනා..."
ගීතය ඇසීමට මෙහි Click කරන්න
"ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යලි ඔබ සවනේ නොරැදී නොගැටී
සුළගේ මිලින වුනාවේ..."
ගීතය ඇසීමට මෙහි Click කරන්න
ඉන් ටික කලකට පසු මෙම තරුණයා ලංකාවට එනවා. නමුත් ඒ වෙනකොට තරුණිය වෙනත් අයෙකු සමග විවාහ වෙලා. දිනක් දෙදෙනා අහම්බෙන් හමු වෙලා කතා කරන කොට තමා දැන ගන්නේ මුදලාලි මේ දෙන්නව මුලාවට පත් කරලා කියලා. ඒත් එතකොට දෙන්නම පරක්කුයි. තරුණිය විවාහ වෙලා.
“අවසර නැත මට ඔබේ අත ගන්නට
බැමි බැද ඇත ලොව සතර දෙසේ
එනමුදු උපදින හැම භවයකදිම
මම ඔබ හිමිකර ගනිමි ලදේ..."
ගීතය ඇසීමට මෙහි Click කරන්න
"අන්සතු වී ඇත
මා සතු ඒ සිත
ආදර රජ දහනේ
මින් පෙර ඒ සිත
හැම මොහොතකදීම
මා ලගමය රැදුනේ..."
ගීතය ඇසීමට මෙහි Click කරන්න
පසුව මේ තරුණයා අපේ රටේ ඉතා ප්‍රසිද්ධ ගායකයෙක් වෙනවා. ඔහුගේ ලයාන්විත කට හඩට දහස් ගනන් ජනතාව ආදරය කරනවා. එහෙත් ප්‍රථම ප්‍රේමයෙන් පරාජයවී ලැබූ අත්දැකීම මනසින් මැකීමට ඔහු අපොහොසත් නිසාමදෝ ඔහු මත්පැන් පානය කිරීමට පෙලබෙනවා. ඔහුගේ සෑම ගීතයකම පාහේ මෙම ජීවිත අත්දැකීම සුන්දර ලෙස විරහවත් සමග සටහන් වෙනවා.

අවසානයේ මේ සුන්දර ගායකයා අසනීප වී මිය යනවා. එසේ මිය යන්නෙත් අපුරු සිදුවීමක් සමගින්.
ඔහු මිය යන්නේ තමා පන මෙන් ආදරය කල එහෙත් තමන්ට හිමි කර ගැනීමට නොහැකි වූ තම පෙම්වතියට අයත් "නවලෝක" රෝහලේ කාමරයක් තුල ඇයගේ ඇස් ඉදිරි පිටදීමයි....
මෙම තරුණයා තමයි අග්‍රගණ්‍ය ගායක "මිල්ටන් මල්ලවආරච්චි"
තරුණිය නවලෝක මුදලාලිගේ දියණියයි.
"මරු කතරේ මිනිස් පුරේ
කොතැනක වේවා
මෙතේ බුදුන් පාමුල
මා නෙළුමක් වේවා..."
ගීතය ඇසීමට මෙහි Click කරන්න
