චෙක් පොතක වාසි සහ අවාසි


ඉස්සර අපිට යම් ගෙවීමක් කරන්න ඒ වටිනාකමට හරි යන තරමට මුදල් අරගෙන යන්න වෙන අවස්ථා තිබුණා. එහෙමත් නැතිනම් වෙන කෙනෙකුගේ ඇප වීමක් මත සල්ලි පස්සේ දෙන්නම් කියලා කුමක් හෝ ලියවිල්ලකට අත්සන් කරලා අදාළ භාණ්ඩය හෝ සේවාව ලබාගත් කාලයක් තිබුණා. මේ කාලය ආරක්‍ෂිත වශයෙන් හරිම ගැටළු සහගත කාලයක් වුණා. ඇයි, සොර සතුරු උවදුරු බොහොම බහුලයිනේ.
කාලය වෙනස් වෙනකොට විවිධ විවිධ ගෙවීම් ක්‍රම අලුතෙන් හඳුන්වලා දෙන්න ගත්තට පස්සේ අපිට ගණුදෙනුවකදී මුදල් ළඟ තබා ගන්න එක කලින් තරම් අත්‍යාවශ්‍ය උනේ නැහැ. ඒ වගේම ආරක්ෂාව සම්බන්ධයෙනුත් සමහර අවස්ථා වල හැරෙන්නට අපට බියවීමට කිසිදු හේතුවක් තිබුනෙත් නැහැ. මේ ක්‍රමවේද වල මුල්ම සාමාජිකයා විදියට අපිට හඳුන්වලා දෙන්නට පුළුවන් එක නිර්මාණයක් තමයි චෙක්පොත කියලා කියන්නේ.
ඉතින් අද අපි කියන්නට යන්නේ මෙන්න මේ චෙක් පොතක ඇති වාසි සහ අවාසි ගැන පුංචි නමුත් බොහොම වැදගත් විස්තර කිහිපයකුයි.

වාසි


1. මුදල් රැගෙන යනවාට වඩා පහසුයි
Good and Bad of Cheques
Source – giphy.com
චෙක්පත් කියන්නේ ආරක්ෂාව අතින් හරිම ඉදිරියෙන් තිබෙන දෙයක්. චෙක් පතක අරන් යන එක ලොකු මුදලක් අතේ අරගෙන යනවාට වඩා පහසුයි සහ ආරක්ෂිතයි. මුදල් රැගෙන යනවාට වඩා Classy විදියට ඔබට ඔබේ ගෙවීම් චෙක්පොතක් හරහා කරන්නටත් පහසුවෙන් ම පුළුවන්. ඒ වගේම හදිසියෙවත් චෙක්පත අස්ථාන ගත වුනොත් කිසිම ගැටළුවක් නැතිව බැංකුවට කතා කරලා චෙක්පත මුදල් වලට මාරු වීම නවත්තන්නට පුළුවන්.

2. මුදල් ගෙවීම තමන්ට උවමනා නම් නැවැත්විය හැකියි
Good and Bad of Cheques
Source – thepointsguy.com
නැතිවුනොත් විතරක් නෙවෙයි. ඒ චෙක්පත ඔබ අමතක වීමකින් හෝ ලබා දීලා තියෙන්නේ වෙනත් පාර්ශවයකට හෝ ඔබ මුදල් ලබා නොදිය යුතු අයෙකුට නම් මේ ක්‍රමවේදයම භාවිතා කරලා චෙක්පත ගෙවීම් නැවත්වීම සුළු දෙයක්.

3. තුන්වෙනි පාර්ශවයකට මුදල් වටිනාකමක් වෙනුවට ලබාදිය හැකියි
Good and Bad of Cheques
Source – brandlearning.com
අපිට ලැබෙන චෙක්පත මුදල් චෙක්පතක් නම්, එය තමන්ට උවමනා වෙලාවක මුදල් කරගන්නට හැකියාව තිබෙනවා. මෙහෙම තියෙද්දී අපිට යම් මුදලක් ගෙවීමක් ලෙස කරන්නට උවමනාවක් තිබෙනවා කියලා හිතන්න. අන්න ඒ වගේ වෙලාවක අපිට අර කලින් අපට ලැබුණු චෙක්පත ආපසු ගෙවීමක් විදියට ලබා දෙන්නට හැකියාව තිබෙනවා. එවිට අපේ තැම්පතු වලට බලපෑමක් නොවී ගෙවීම් කරන්නට අවස්ථාවකුත් ලැබෙනවා.



4. රේඛනය කල විට චෙක් පත ආරක්ෂිතයි
Good and Bad of Cheques

රේඛනය කරනවා කියන්නේ චෙක්පත් ගෙවීම් කරනකොට ඉහල වම් කෙළවරින් සමාන්තර කුඩා ඉරි කැබලි දෙකක් සලකුණු කිරීමයි. මෙහෙම කිරීමෙන් ඔබේ චෙක්පතේ ආරක්ෂිත භාවය වැඩි වෙනවා. රේඛනය කරන ලද චෙක්පතක් රැගෙන එන්නා එය ගිණුමක තැන්පත් කල යුතුම වන නිසා මේ ක්‍රමවේදයෙන් ඔබ නිකුත් කරන චෙක්පත සහ ගණුදෙනුව වඩාත් ආරක්ෂාකාරී එකක් වනවා.

5. මුදල් ගණන් කර දෙනවාට වඩා ආරක්ෂිතයි
Good and Bad of Cheques
Source – cashbackmarketing.asia
අපි යම් ගෙවීමක් මුදල් ගණන් කරලා දෙනකොට අපිට වැරදීමකින් නෝට්ටුවක් දෙකක් අඩුවෙන් හෝ වැඩියෙන් යන්නට ඉඩ තිබෙනවා. නිකමට හිතන්න, 5000 නෝට්ටු දෙකක් තුනක් අමතක වීමෙන් අනෙකාගේ අතට ගියොත් සොරි ඩොට් කොම් නේද? නමුත් චෙක්පතකින් එලෙස වන්නේ නැහැ. එමගින් මුදල් නිසි පරිදි ගෙවීම් කරන්නට හැකි වෙනවා පමණක් නොව, එය අන්තිම සතය දක්වාම නිවැරදිව ඒ ගෙවීම කරනවා.
ඒ වගේම චෙක්පතකින් ගෙව්වම ඒ ගෙවීම සාක්ෂියක් වීදියට අපි සතුව තිබෙනවා කියන එකත් අමතක කරන්න එපා.

6. තමන්ට කැමති දිනයකට මුදල් ලබාගන්නා ලෙසින් ලබාදෙන්නට පුළුවන්
Good and Bad of Cheques
Source – tenor.co
චෙක්පත ලබාදෙන්නාට මුදල් ගන්නට පුළුවන් වෙන්නේ අපි චෙක්පතේ සටහන් කරන දිනයට හෝ ඒ දිනයෙන් පසුවට පමණයි. කොතරම් උවමනාව තිබුනත් චෙක්පතේ තිබෙන දිනයට කලින් මුදල් ලබාගැනීම කරන්න බැහැ. මේ නිසා ඔබට මුදල් ලබාදීම සඳහා යම් කාලයක් ලබාගන්නටත් උවමනා නම් හැකියාව තිබෙනවා.

7. ඔබ වියදම් කල මුදල ආදායම් වියදම් සටහනක් ලෙසින් මාසය අගදී බැංකුවෙන් ලැබෙනවා.
Good and Bad of Cheques
Source – evenstone.co.uk, breakawaystaffing.ca
ඔබ ගිණුමේ තිබෙන මුදල් වියදම් කරන්නේ චෙක්පතකින් නම් ඔබේ වියදම් ගැන මතක තබා ගන්නට අමුතුවෙන් මහන්සියක් ගන්නට අවශ්‍ය නැහැ. ඔබේ ලැබීම් සහ ගෙවීම් සියල්ලම ගණනය කරලා අදාළ ගෙවීම් වලින් පසුව ඔබේ ගිණුමේ ඉතිරි කොපමණ මුදලක් ද කියලා සවිස්තර ආදායම් සහ වියදම් සටහනක් බැංකුවෙන් ඔබේ අතට සෑම මාසයක් අගදී ම ලබාගන්න ඔබට පුලුවන්.

අවාසි


1. යම් චෙක්පතක් තෙවෙනි පාර්ශවයකින් ලබාගැනීම ප්‍රතික්ෂේප කල හැකියි
Good and Bad of Cheques
Source – gifsoup.com
අපි චෙක්පතකින් තිබෙන වාසි කියන කොටසේ දී කිව්වා නේ “චෙක්පතක් තුන්වෙනි පාර්ශවයකට මුදල් විදියට ලබාදෙන්නත් හැකියි කියලා” නමුත් මේ ගනුදෙනුව සම්පුර්ණ වෙන්නේ අදාළ පාර්ශවය චෙක්පත මුදලක් ලෙසින් පිළිගත්තොත් විතරයි. ඔවුන්ට සම්පුර්ණ අයිතිය තිබෙනවා, චෙක්පත පිළිගන්නට හෝ ප්‍රතික්ෂේප කරලා මුදල් ඉල්ලා සිටින්නට.

2. චෙක්පත ලබාදෙන්නාගේ ගිණුමේ මුදල් නැති නම් චෙක්පතේ කිසිදු වටිනාකමක් නැහැ
Good and Bad of Cheques
Source – popkey.co
චෙක්පතකින් මුදලක් ලබාදෙනකොට ගැටළුවක් වෙන ප්‍රධානම තැන් වලින් එකක් තමා මෙන්න මේක. අපිට යම් වටිනාකමකට චෙක්පතක් කෙනෙකු විසින් ලබාදෙනවා කියා. සමහර විට ඔහු සතුව ඒ අවස්ථාවේදී මුදල් නැති නිසා, ඔබව තාවකාලික හෝ රැවටීමකට ඒ ක්‍රියාව කරන්නත් ඉඩ තිබෙනවා. ඒ නිසා ප්‍රවේසමින් චෙක්පත් පරිහරණය කරන එකත් හිතේ කොනක තියාගන්න.

3. මුදල් ලබාගන්නවාට වඩා කාලය ගතවෙනවා
Good and Bad of Cheques
Source – imgur.com
මුදල් විදියට ලබාගන්නකොට එය අපට එවේලේම අතට ලැබෙන නිසා උවමනා දෙයකට යොදවන්න පුළුවන් කියලා අපි කොහොමත් දන්නවානේ. නමුත් චෙක්පතක් සම්බන්ධයෙන් මේ කාරණාව වෙනස් වෙන්නේ චෙක්පත මුදල් කරගන්නට අපිට යම් කාලයක් ගතවෙන්නට ඉඩ තිබෙන නිසයි. ඒ නිසා ඔබ හදිසියේ මුදල් ලබාගන්නට කියලා හිතේ තියාගෙන චෙක්පතක් අරගෙන බැංකුවට ගියොත් සමහර විට ඔබට ටික කාලයක් ඒ සඳහා බලා ඉන්නට වෙන එක වෙනවාම තමයි.

4. පොඩි මුදල් ප්‍රමාණයක් හුවමාරු කරගන්නට චෙක්පත් ගැලපෙන්නේ නැහැ
Good and Bad of Cheques
Source – thebetterindia.com
කවදාවත් පොඩි මුදලකට චෙක්පතක් දෙන්නට යන්න එපා. ඔබව සමාජයක් ඉදිරියේ විහිළුවක් වේවි. චෙක්පතක් දෙන්නට බැරි කම නෙවෙයි. එහෙම දෙන එක හරි නැහැ.

5. ඔබ ලබාදෙන චෙක්පතක් අගරු වුවහොත් එහි පාඩුව ඔබටමයි
Good and Bad of Cheques
Source – onedio.co
ඔබ වෙනත් පාර්ශවයකට ලබාදෙන චෙක්පතක් අගරු වුවහොත් එම අගරු වීම නිසා චෙක්පත අයිති බැංකුවෙන් (ඔබේ ගිණුම තිබෙන බැංකුවෙන් ) ඔබෙන් යම් මුදලක් දඩ ලෙසට අය කරගන්න කටයුතු කරනවා. ඒ නිසා චෙක්පත් වලින් ගනුදෙනු කරත්දී ඒ ගැන දැනගෙන වැඩ කරන එක ඔබේ මුල්‍යමය ආරක්ෂාවට වාසියක් බව හිතේ තියාගත්තොත් හොඳයි.