ගලේ ගැහුවත් කැඩෙන්නෙ නැතිව පට්ට ගහන්න පුලුවන් ෆෝන්

ජංගම දුරකථන කියන්නේ බොහොම පහසුවෙන් බිම වැටිලා කැඩෙන්නට පුළුවන් තාක්ෂණික උපාංගයක් කියලා ආපහු කියන්න ඕනේ නැහැ නේ. වර්තමානයේ තිබෙන ස්පර්ශ සංවේදී තිර සහිත ස්මාර්ට් ෆෝන්ස් මේ තත්ත්වය තවත් දරුණු කරලා කියලයි අපිට හිතෙන්නේ. ඉතින් මේ හේතුව නිසා ගොඩක් වෙලාවට ලංකාවේ අපි නම් හුරු වෙලා තිබෙන්නේ අතිරේක ෆෝන් එකක් භාවිතාවට ගන්නයි. එහෙම නැතිනම් තමන් ස්මාර්ට් ෆෝන් භාවිතාවෙන් අයින් වෙලා අඩු මිලකින් යුතු, වැඩි වැඩ නැතිව ඇමතුම් පමණක් ගන්නට හැකි candybar මොඩලයේ දුරකතනයක් භාවිතා කරන්නටයි.
කෙටියෙන්ම කියනවා නම් අලුත් ෆෝන් බොහොම සුමට විදියට නිෂ්පාදනය කරලා තිබෙන උපාංගයක් කියලා කිව්වොත් තමා වඩා හරි. ඒ නිසා අපි කල යුත්තේ  අපි කරන රැකියාව, ජීවන රටාව සහ ජීවත් වන පරිසරය වගේ සාධක වලට ගැලපෙන ෆෝන් එකක් මිලදී ගැනීමයි.
ඔබ එහෙම පරිසරයක ජීවත් වන කෙනෙක් නම් හෝ ඔබට නිතරම එවැනි ප්‍රදේශ වලට යන්නට වෙන කෙනෙක් නම් ඔබ රළු භාවිතාව සඳහා තිබෙන ෆෝන් එකක් භාවිතා කිරීමේ කිසිදු වරදක් නැහැ.
Rugged Phones කියන්නේ මොනවද?
Rugged Phones 2017
Source – catphones.com
Rugged phones කියන්නේ බොහොම රළු භාවිතාවට සරිලන විදියට නිෂ්පාදනය කල දුරකථන. මේවා බොහොම ශක්ති සම්පන්න විදියට හදල තිබෙන්නේ ජලයෙන්, දුහුවිල්ලෙන් සහ වැටීම් වලින් ආරක්ෂා වෙන්නයි.

මේවාට තත්ත්ව සහතික තිබෙනවාද?
දෙවිදියකට අපිට මේවායේ ඔරොත්තු දීම් මනින්න පුළුවන්. ඒ පහත පරිදියි.

Rugged Phones 2017
Source – flexfireleds.com, panasonic.com.au
  • දුහුවිලි වැදීම්, ජලයට ඔරොත්තු දීම, බිම වැටීම් සම්බන්ධයෙන් අදාළ උපාංගයට ඇති දරාගැනීමේ හැකියාව මැනීමට විවිධ පරීක්ෂණ සිදු කරනු ලබනවා. ඒ පරීක්ෂණ වලින් ලැබෙන අගයන් වලට අනුව අදාල උපාංගය ශ්‍රේණිගත කරමින් නිකුත් කරනු ලබන ප්‍රමිති සහතික කිරීමක් තමයි මේ.
  • MIL-STD-810G – Military Standard
    ඇමෙරිකානු හමුදාව විසින් දුෂ්කර පාරිසරික තත්ත්වයන් යටතේදී යම් උපාංගයක දරාගැනීමේ ශක්තිය තීරණය කරන්නට සිදු කරන ලබන පරීක්ෂණ වලින් තමයි මේ ප්‍රමිතිය තීරණය කරන්නේ. පීඩනය, උෂ්ණත්වය, ආර්ද්‍රතාවය, ජලය, දුහුවිල්ල සහ කම්පනය ආදියෙන් සිදුවන හානි වලට ඔරොත්තු දීමේ හැකියාව ගැන තමයි මේ ප්‍රමිතිය නිකුත් කරනු ලබන්නේ.
එහෙම හදපු ෆෝන් ගැන පොඩ්ඩක් විස්තර කියන්න හැකිද?

ස්මාර්ට් දුරකථන වල අවමය සහ මධ්‍යම යන තත්ත්ව දෙක අතර තිබෙනවා කියා සිතෙන දුරකථනයක් තමයි x cover කියන්නේ. බොහොම සාමාන්‍ය ස්පෙක් එකක් සහිත මේ දුරකථනයේ එකම විශේෂත්වය වෙන්නේ මෙය දූවිලි, ජලය සහ වැටීම් වලට ඔරොත්තු දීම.
උපාංගයේ විස්තර : gsmarena.com


2. CAT S50
IP67 සහ 810G මිලිටරි සහතිකය සමග එන CAT S50 දුරකථනය, ඔබේ ඇඟිලි තෙත් වී තිබුනත් තිරය එයට සහය දක්වන ලෙසයි සැකසී තිබෙන්නේ. HD තිරයකින් සමන්විත මේ දුරකථනය 4G තාක්ෂණයද සහිතව මිලි ඇම්පියර් 2630 ක බලයකින් යුතු බැටරියක් සහිත වන නිසා. ගැටීම් වැටීම් වැඩි රළු, අවදානම්කාරී ක්ෂේත්‍රයක ගැවසෙන අයෙකුගේ අවශ්‍යතාවන්ට මැනෙවින් ගැලපේවි.
උපාංගයේ විස්තර : gsmarena.com
 

මිලි ඇම්පියර් 4000ක අධිබලැති බැටරියක් සමග එන මේ උපාංගය android මෙහෙයුම් පද්ධතිය සමගින් IP68 සහ සහ MIL- STD 810G  සහතිකය සහිත දුරකථනයක් වෙනවා. QUAD-CORE MEDIATEK ප්‍රොසෙසරයක් සමග පැමිණෙන මේ Conquest S6 හි රැම් බලය ගිගාබයිට් 1 ක් වෙනවා.
උපාංගයේ විස්තර : devicespecifications.com

 

සුප්‍රකට ගැලක්සි දුරකථන පෙලේ S6 මාදිලිය සඳහා වූ rugged phone එක තමා S6 Active කියන්නේ. සාමාන්‍ය S6 මාදිලියේ දුරකථනයක තිබෙන සියලු උපාංග සමඟ එන මේ දුරකථනය වැඩි බැටරි බලයක් සහ ජලය කාන්දු නොවෙන පිට වැසුමකින් යුක්තයි.
උපාංගයේ විස්තර : gsmarena.com


5. CAT S60
CAT මාදිලියේ ම තවත් එක දුරකථනයක් වෙන මෙය සුවිශේෂී උපාංග කිහිපයකින්ම සමන්විත වෙනවා. තාප සංවේදී කැමරාව, දීර්ඝ කාලයක් පවතින බැටරිය, ශක්තිමත් Corning Gorilla Glass 4 තාක්ෂණයෙන් යුතු තිරය සහ MIL-STD-810G තත්ත්ව සහතිකය යටතේ තැනුණු පිටත ආවරණයකින් මේ දුරකථනය සමන්විතයි. මේ සියල්ලම එක්තැන් වෙලා තැනෙන CAT දුරකථනයක් ලංකාවට ගෙන්වා ගන්නට හැකියාව තිබෙන්නේ අන්තර්ජාලය හරහා ඇනවුම් කිරීමෙන් පමණයි.
උපාංගයේ විස්තර : gsmarena.com


මේ දුරකථනයට වඩා යාවත්කාලීන දුරකථනයක් සොනීම් ලේබලය යටතේ තිබුනත් මේ දුරකථනය තෝරාගන්නට විශේෂිත හේතුවක් තිබෙනවා. ඒ තමයි මේ දුරකථනය ස්පර්ශ සංවේදී තිරයකින් යුතු වීම සහ හදිසි භාවිතය සඳහා කී පෑඩ් එකක් සහිත වීම. මිලි ඇම්පියර් 4800ක අධිබලැති බැටරියක් සහ MIL-STD-810G තත්ත්ව සහතිකයකින් යුතු වීම නිසා කිසිදු ගැටලුවකින් තොරව රළු භාවිතය සඳහා භාවිතා කරන්නට හැකියාව තිබෙනවා.
උපාංගයේ විස්තර : gsmarena.com


අඟල් 4.5ක තිරයක් සහ මෙගාපික්සල් 8ක කැමරාවක් සමගින් එන ක්යෝසේරා බ්‍රිගේඩියර් ස්මාර්ට් ජංගම දුරකථනය, IP68 සහ MIL-STD-810G තත්ත්ව සහතික යටතේ නිෂ්පාදනය වන්නක්. ඒ වගේම මෙය Sapphire crystal තිරයකින් සමන්විත නිසා බිඳීයාම ගැන ගැටළුවකුත් නැහැ.
උපාංගයේ විස්තර : gsmarena.com


අඟල් පහක තිරයක් සහ ගොරිල්ලා ග්ලාස් 3 වෙනි පන්තියේ ආරක්ෂණයක් සහිතව එන DeWALT MD501 දුරකථනය අපි ඉහතින් කියාපු දුරකථන සියල්ලටම වඩා තිරයෙන් විශාලයි. IP68  තත්ත්ව සහතිකය සහිතව පැමිණෙන මේ දුරකථනය අනෙකුත් රළු භාවිතය සඳහා නිෂ්පාදනය වෙන දුරකථන වලට වඩා විශේෂත්වයක් ගන්නේ මිලි ඇම්පියර් 3950ක බැටරියක් සමග Android Marshmellow මෘදුකාංග සංස්කරණය සමඟ ඔබට ලැබෙන නිසා.
උපාංගයේ විස්තර : 3T.com


මේ දුරකථනය ගැන අපිට කියන්නට විශේෂ දෙයක් තිබෙනවා. ඒ තමයි ඉහත කියපු අනෙකුත් සියලුම දුරකථන ලංකාවේ විකිණීමට නැති දුරකථන නමුත් මේ දුරකථනය ඔබට අබාන්ස් ආයතනයෙන් රුපියල් 25000 වඩා අඩුවෙන් මිලදී ගන්නට පුළුවන්. IP68 ආරක්ෂණ සහතිකය සහිතව එන මේ දුරකථනය තුල ස්ථාපනය කර තිබෙන්නේ Android KitKat මෙහෙයුම් පද්ධතිය වුනත් මේ දුරකථනය රළු බවට ඔරොත්තු දෙන්නට තනා තිබෙන නිසා එතරම් එය වැදගත් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි බොහොම ප්‍රාථමික අංගෝපාංග වලින් හෙබි මේ දුරකථනය ඔබ නිතර අනතුරු සිදුවිය හැකි පරිසරයක සිටින කෙනෙක් නම් කිසිදු කරදරයක් නැතිවම භාවිතා කිරීමේ හැකියාව තිබෙන්නක්.
උපාංගයේ විස්තර : gsmarena.com


අපි ගාව තියෙන ෆෝන් එක රළු භාවිතාවට ගන්න බැරිද?
Rugged Phones 2017
Source – gearpatrol.com
මොකද ගන්න බැරි පුළුවන්. නමුත් එහෙම ගන්නවා නම් අපි ඒ සඳහාම නිර්මාණය වුනු ෆෝන් ආවරණ හෝ ෆෝන් හවුසින් එකක් දාගන්න එක තමයි කරන්න තියෙන්නේ. රළු භාවිතාවට තිබෙන දුරකථන ආවරණ බොහෝ වෙලාවට ප්‍රචලිත වෙන්නේ ආසියාතික රටවල් වල භාවිතාවට ගන්නයි.
මොකද වෙනත් යුරෝපිය රටවල් වල ඔවුන්ගේ ණයපත හෝ රක්ෂණ ආවරණය තුලම භාවිතා කරන දුරකථනය වෙනුවෙනුත් රක්ෂණය ක්‍රියාත්මක වෙනවා. එවිට දුරකථනය බිම වැටුනොත් හෝ කැඩුනොත් ඒ වෙනුවට රක්ෂණ ආවරණය හරහා දුරකථනයක් ලබා ගන්නට පුළුවන්.
එහෙත් ලංකාවේ සහ ආසියාතික රටවල් බොහොමයක එහෙම පහසුකම් නැති නිසා ඔවුන් කරන්නේ මේ වගේ දුරකථන ආවරණයක් ගෙන තමන්ගේ ෆෝන් එකට යොදා ගැනීම.
  • අපි හිතමු ඇපල් වගේ ෆෝන් වර්ගයකට කැමති කෙනෙක් සිටිනවා, නමුත් ඔහු සිටින්නේ රළු පරිසරයක කියලා අන්න එවැනි කෙනෙකුට නම් ආරක්ෂාවට ෆෝන් කවරයක් භාවිතා කිරීම අත්‍යාවශ්‍යයි.
  • අනික් අතට ගොඩක් වෙලාවට රළු භාවිතාවට  තිබෙන ෆෝන් සියල්ලම පාහේ android ඒවා වීම සුවිශේෂයි. මේ නිසා ඇපල් දුරකථන සඳහා ආරක්ෂක තිර ආවරණ හෝ රබර් පිටකවර පමණයි නිපද වෙන්නේ.
එහෙම ෆෝන් කවර මොනවාද?

1. MOUS
මෞස් කවරය නිර්මාණකරුවන් කියන්නේ ඔවුන් මේ එළිදක්වන්නේ වසර ගණනාවක පරියේෂණ වල ප්‍රතිඵලයක් කියලයි. අඩි 45ක් වැනි ඉහල තලයක සිට දුරකථනය මේ ආවරණය සහිතව බිමට හෙලුවත් දුරකථනයට කිසිදු හානියක් නොවන බවයි ඔවුන් පවසන්නේ.

තවමත් indigogo ව්‍යාපෘතියක් ලෙසට පවතින මේ දුරකථන ආවරණය ඔබට වෙළඳපොළට එන්නට “පෙර ඇනවුම්” කිරීමේ හැකියාව තිබෙනවා.

2. LIFEPROOF CASE
ක්‍රියාශීලි ඔබේ දිවියට දුරකථනයක් කියන්නේ වාසියක් වුනත් වෙලාවකට කරදරයක් වෙන වෙලාවල් තිබෙනවා. ඒ ඔබට අවධානය දුරකථනයේ ආරක්ෂාවටත් යොදන්න වෙන නිසයි. නමුත් ඔබේ ජීවිතේ තුල දුරකථනයේ ආරක්ෂාව ගැන වද වෙන්නට උවමනාව නැති කරන නිෂ්පාදනයක් තමයි lifeproof කියන්නේ. වැටීම් තුවාල වීම් වලට හොඳින් මුහුණ දෙන්නට හැකි lifeproof කවර apple, samsung galaxy, google pixel, ipad, ipod වැනි ජංගම උපාංග වලට පවා ආරක්ෂණ කවර නිපදවනවා.


3. OTTERBOX
OTTERBOX කියන්නේ Apple, Samsung galaxy, google pixel, V20 වගේ දුරකථන වලටත් ආරක්‍ෂිත කවර නිර්මාණය කරන සමාගමක්. ඒ අය ඉහත කියූ දුරකථන වලට විශේෂයෙන් නිර්මාණය කරන කවර සහ ඒවාට අවශ්‍ය කරන වෙනත් උපාංගත් නිෂ්පාදනය කරනවා. ඒ අතර ජලය කාන්දු නොවෙන ආකාරයට තනපු ear plugs, mobile camera lenses විශේෂයි.