ඉස්සර වගේ නෙවෙයි, දැන්
ට්‍රිප් එකක් යන්න කල්පනා කරද්දී
අපේ ඉඳුම් හිටුම්, ආහාර පාන වගේම සනීපාරක්ෂාව ගැනත් අපි ඉහලින්ම කල්පනා
කරනවා, ඉතින් මේ තොරතුරු අපිට ගන්න තිබෙන පහසුම තැන තමා අන්තර්ජාලය.
ඉතින් මෙන්න මේ නිසා අපි කල්පනා කළා, අන්තර්ජාලය තුළ අපි වැඩිපුරම
භාවිතා කරන ට්‍රැවල් ගයිඩ් කිහිපයක් ගැන විස්තර ඔබට කියන්න. මේකට විදෙස්
වගේම අපේ රටේ වෙබ් අඩවි කීපයකුත් ඇතුළත් වෙනවා. බලන්න ඔබේ අනාගත සංචාරක
සැලසුම් සාර්ථකව සකස් කරන්න මේ වෙබ් අඩවි උදවුවක් වේවිද කියල?

Source – condenast.co.uk, bamford.co.uk
Conde nast Traveller කියන්නේ වෙනත් සංචාරක තොරතුරු සපයන සයිට් වලට වඩා
පොඩ්ඩක් වෙනස් සයිට් එකක්. එහි බොහොමයක් තොරතුරු තිබෙන්නේ ලැයිස්තු (Lists)
ඇතුලත් ලිපි විදියටයි. නිදසුනක් විදියට අපි හිතමු ඔබට
ඉතාලියේ විල් අසබඩ හොඳම හෝටල් මොනවද
කියලා දැනගන්නට උවමනා නම් කොන්ඩෙ නාස්ට් වෙතින් ඊට පහසුකම් සපයලා තිබෙනවා.
මෙය එක ආකාරයක මැගසින් වර්ගයේ වෙබ් අඩවියක් කිව්වොත් තමා වඩා නිවැරදි.
විවිධ සංචාරක අවශ්‍යතා ආවරණය වෙන විදිහට සකසන ලද ලිපි හා ලයිස්තු රාශියක්
මේ වෙබ් අඩවිය තුලින් ඔබට හොයාගන්න පුලුවන්. විදෙස් සංචාරක පාරාදීස ගැන
වගේම
අපේ රටේ සංචාරක ස්ථාන සහ හෝටල් පිළිබඳවත් මේ අඩවියෙන් තොරතුරු හොයාගන්නට පුලුවන්.
සංචාරක ස්ථාන වලට අමතරව ඒ ඒ ස්ථාන ආශ්‍රිතව ඔබට සහභාගී විය හැකි
ක්‍රියාකාරකම්, උත්සව සහ සංස්කෘතික අංග පිළිබඳවත් මේ වෙබ් අඩවිය මගින්
දැනමුතුකම් ලබාගන්න පුලුවන්.

Source – lonelyplanet.com, dailymail.co.uk
අපි කොහේ හරි රටකට යනවා නම් ඒ අදාළ රට ගැන විස්තර තිබෙන පොතක් ගැන සොයා
බලනවා. බොහෝ වෙලාවට එහෙම පොතකට තිබෙන්නේ මේ රට රටවල් ගැන ලියැවුන Lonely
planet පොත් පෙල වෙන්නට පුළුවන්. Lonely planet වෙබ් අඩවිය වර්තමානයේ බොහොම
ජනප්‍රිය වෙලා තියෙන්නේ අපි යන්න කැමති ස්ථාන ගැන තොරතුරු ගන්නට තමයි.
එහෙත් හෝටලයක් ගැන විමසීමක් කරන්නට එහෙමත් නැතිනම්, අනිත් කියවන්නන්ගේ
අදහස් ගැන සොයා බලන්නට කුඩා යොමුවක් එහි පල කරන්නටත් කිසිම තහනමක් නැහැ.
ලෝකය පුරා විසිරී ඇති සංචාරක ස්ථාන ගැන විස්තර ගෙන එනවා පමණක් නොව ඒ ඒ
ස්ථාන වල නවාතැන් වෙන්කර ගන්නටත්, සංචාර සංවිධානය කරගන්න, ගමනාගමන පහසුකම්
සකසාගැනීම් ආදියටත් මේ වෙබ් අඩවිය විසින් පහසුකම් රැසක් සලසනු ලබනවා.

Source – holysmokedsalmon.com, e-xtreme.info
frommersකියන්නේට්‍රැවල් ගයිඩ් පොතක්. පොත ඇසුරින් තමයි වෙබ් අඩවිය
තැනෙන්නේ. අද වෙනකොට ජනතාව එක්ක එකතු වෙලා තොරතුරු බෙදාගන්නා අඩවියක් බවට
පත් වෙලා ඉවරයි. අලුත් ගමන් වලට අදහස්, හෝටල් වෙන් කරගැනීම් සහවිවිධ
දැනමුතුකම් වගේ දේවල් වලින් ෆ්රෝමර්ස් මහත්තයාගේ පොත් අඩවිය හරිම පොහොසත්
බව නම් කියන්න ඕනේ

Source – prweb.com, letsgo.com
Let’s GOට්‍රැවල් ගයිඩ් එකේ ආරම්භය සිද්ධ වෙන්නෙ 1960 වර්ෂයේදියි. ඔලිවර් කොපෙල් (
Oliver Koppell)
නම් වර්තමාන අමෙරිකානු දේශපාලඥයෙක් තමයි මේ ට්‍රැවල් ගයිඩ් එකේ නිර්මාතෘ
වරයා වන්නේ. මේ Let’s GO ට්‍රැවල් ගයිඩ් එක හඳුන්වා දෙද්දි ඔහුගේ වයස
යාන්තම් අවුරුදු 18ක් විතරයි. බජට් එකට බැක්පැකර් ටයිප් එකෙන් ලෝකේ වටේ
ගමන් යන්න උදවුවක් සපයන්න තමයි මේ Let’s GO ට්‍රැවල් ගයිඩ් එක පටන් ගන්නේ.
හාවර්ඩ් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ එකතුවෙන් සංචාරක උපදෙස් සහිත ලිපි
සපයන Let’s GO සංචාරක ප්‍රකාශන වෙබ් අඩවියක් හැටියට එළිදැක්වෙන්නෙ 1996
වසරේදියි. සංචාරක ගමනාන්ත වගේම නවාතැන් සහ ක්‍රියාකාරකම්ද ඇතුළත්ව, ලෝකයේ
ජනප්‍රියම සංචාරක තොරතුරු සහිත වෙබ් අඩවියක් බවට මේ වෙද්දි මෙය පත්වී
හමාරයි.

Source – twitter.com/tripadvisor, tripadvisor.com
රිවිව්ස් බලලා කල්පනා කරලා යාළුවො එක්ක කතා කරලා ට්‍රිප් එකක් ප්ලෑන්
කරනවා නම් TripAdvisor තමා හොඳම විකල්පය වෙන්නේ. අපි යම් ප්‍රදේශයක් ගැන
සෙවීමක් කලොත් එහි සාධාරණ මිලට තිබෙන හෝටල් සහ ඒ අවට ඇති ආකර්ශනීය ස්ථාන,
එහෙමත් නැතිනම් ඓතිහාසික වටිනාකමක් ඇති තැන ගැන මේ අය අපිට කියනවා. ඒ වගේම
යම් තැනක් ගැන අපේ අදහස ප්‍රකාශ කරන්නටත් පුළුවනි.
අපි දමන පින්තුර සහ තොරතුරු වලට අනුව අපිව ඉහලට යවන ලකුණු මට්ටමක් සහ
බැජ් එකතුවක් ඔවුන් සතු වෙනවා. ඇත්තටම TripAdvisor භාවිතා කිරීම උවමනාවකට
එහා ගිය විනෝදාංශයක් විදියට පෙන්වා දෙන්නත් පුළුවන්.
එතකොට ලංකාවේ?
නෑ නෑ ඒවත් අමතක කරන්නේ නැහැ. ලංකාවේත් ඉස්සර වගේ නෙවෙයි, තරුණ ජනකාය
ට්‍රිප් යන්න සහ ඒ තොරතුරු බෙදාගන්න හරිම මනාපයි. මෙන්න මේ මනාපය තේරුම්
ගත්ත අපේ අන්තර්ජාලය භාවිතා කරන තරුණ තරුණියන් ඔවුන්ගේ රුචිකම් වලට අනුකුල
විවිධ සයිට්ස් හදාගෙන ඒවා පෝෂණය කරමින් සිටිනවා, හරියට මම මේ පොස්ට් එක
ලියනවා වගේ. ඉතින් අපි බලමු ලංකාවේ ට්‍රැවල් ගයිඩ් විදියට භාවිතා කරන්න
පුළුවන් සයිට්ස් මොනවද තියෙන්නේ කියලා.

Source – youtube.com/srilankatravellers, nadegura.com
නඩේ ගුරා කියන්නේ ඇත්තටම අපි ට්‍රිප් එකක් සංවිධානය කරන්න කලින් පොඩ්ඩක්
හරි කියවලා යන සයිට් එකක් කියලා කිව්වොත් තමා හරි. ඔවුන් ලංකාවේ බොහෝ
ප්‍රදේශ ප්‍රමාණයක් ආවරණය කරලා තියෙනවා කිවොත් මම හිතන්නේ වැරදි නැතිවෙයි.

Source – twitter.com/lakdasun, lakdasun.org
නඩේ ගුරා වගේම බොහොම හොඳින් අපිට තොරතුරු කියල දෙන ලංකාවේ හොඳම වෙබ්
අඩවියක් තමා ලක්දසුන් කියන්නේ. ලක්දසුන් වලටම ආවේනික ෆෝරම් එකකුත් තිබෙන
නිසා වරක් ලියාපදිංචි වූ පසුව ඔබට අවශ්‍ය උපදෙස් සහ ඔබේ ගැටලු වලට පිළිතුරු
ලේසියෙන්ම සොයා ගන්නට හැකි වේවි.

Source – awidimu.com
ඇවිදිමු කියන්නෙත් ලංකාවේ සංචාරය ප්‍රියකරන හිතවතුන්ට වටිනා තොරතුරු ලබා
ගත හැකි අඩවියක් තමයි. සංචාරයට ප්‍රිය කරන ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ අතේ
ඇති මුදලට උපරිම සන්තෝෂයක් ලැබෙන පරිද්දෙන් තමන්ගේ නිවාඩුව සහ සංචාරය
සැලසුම් කරන්න උදවු කිරීම තමයි ඇවිදිමු කට්ටියගෙ අරමුණ. ඒ සඳහා වටිනා
තොරතුරු සහ උපදෙස් රාශියක්ම ඔවුන්ගේ වෙබ් අඩවිය තුළින් පිරිනමනව.

Source – ft.lk, yamu.lk
යමු කියන්නේ ලංකාවේ තියෙන ආහාර සහ අවන්හල් ගැන තොරතුරු හොයාගන්න තිබෙන
ලෙහෙසිම විදිය කියලා කිවොත් හරි.මීට අමතරව සංචාරක ස්ථාන සහ සංචාරක උපදෙස්
සම්බන්ධයෙනුත් යමු වෙතින් අගනා ලිපි ලියැවෙනවා. ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන්
ඔවුන්ගේ ලිපි පලවෙන නිසා කිසිම කෙනෙකුට වෙබ් අඩවිය භාවිතා කරනකොට භාෂාව
ප්‍රශ්නයක් කරගන්නට අවශ්‍ය වෙන්නේ නැහැ.