මෙගා ගිගා මතක
දැන් අවුරුදු තිහට කිට්ටු පොරක් නං ඔයාට මේ මතකෙ සුපිරියටම තියෙනව. මොකද
ඔයාලා තමයි ඩිජිටල් ඇනලොග් සංක්‍රාන්තියේදි තාක්ෂණේට අතගහපු එවුවො. ඒ
අතගැහිල්ල නිසා සැළකිය යුතු ගාණක් ඒ අයට ඒ කාලෙදි වියදං වුනා වගේම හැමදේම
මැජික් වීමක් ඒ අයගෙන් දකින්න ලැබුනා. අන්තිමට වෝක්මන් පාවිච්චි කරපු,
මුලින්ම හෑන්ඩ් ෆෝන් පාවිච්චි කරපු තරුණ පරම්පරාව තමයි ඒ. දැන් අපි මෙගා
ගිගා ගැන ගාණක්වත් නැතුව ඔහේ කියෙවුවට ඒ ගැන ඉස්සරනං තිබ්බෙ පොඩි ගෞරවනීය
හැඟීමක්.
හාඩ් එකේ තිබ්බ ඉඩ කඩ තමයි ලොකුම කතාව. ගිගා 20ක හාඩ් එකක් තියෙන
කම්පියුටර් එකක් කියන්නෙ ඒ කාලේ ලොකු සීන් එකක්. ඒක පාටිෂන් කරනව කෑලි
තුනකට විතර. දැන් මොකෙක්වත් ගිගා සීයෙන් පල්ලෙහා පාටිෂන් එකක් ගැහුවොත්
ගහන්නෙ සිස්ටම් එක දාන්න විතරයිනෙ. ඒකට ඒ කාලෙ 128mb යූඑස්බී පෙන් එකක්
තියෙන එකාට රජෙකුට වගේ සැලකුවේ. ඌ පෙන් එක ගෙනියන්නෙවත් නෑ කොහේවත්. ඒකත් ට්‍රාන්ස්එන්ඩ් (Transcend) බ්‍රෑන්ඩ් එකෙන් ගැහුවෙ රුපියල් 4000කට විතර. මේ කියන්නෙ 2003/04 කාලෙ.
හැම සති අන්තෙම අනිවාර්යෙන් යන ගමනක් තිබුනා. ඒ තමයි ටොරන්ට් බාන යාලුවගෙ ගෙදර හාඩ් එක ගලවන් ෆිල්ම්, ටීවී සීරීස් දාගන්න යන එක. හැම සතියෙම ෆිල්ම් පෙරේතකමට ගලවන නිසා සීපීයූ එක කොයි වෙලෙත් මස් කරල තියෙන්නෙ. ඉතිං ඒක අස්සෙ දූවිලි බැඳිලා. අයිය ඒක අස්සෙ තහනං උත්තේජක හංගලා ගිහින්. මකුළු දැලුයි, තහනං උත්තේජකයි, ඕල්ඩ් ඇරැක් බාගෙ බෝතලුයි වගේ හැම දෙයක්ම ඒක ඇතුළට දාන්න හුරු වුනේ අපේ ගිගා බයිට් සේවනේ හින්දා තමයි. ඇයි හැම සතියෙම හාඩ් එක ගලවන්න පුළුවන් වෙන්න ඔවුව ගලෝල තියන්න එපැයි.
ඒ මදිවට ලොකු හාඩ් නැති නිසා සල්ලි එකතු වෙන විදියට සෙට් කරගත්තු හාඩ් තුනක් විතර තියෙනව. ඔවුවයෙන් සිස්ටම් එක දාපු හාඩ් එකට ප්‍රයිමරි දීලා බස්පෝට් ගහල අපි නිකං ඉංජිනියර්ල වගේ බස් එකෙන් ගෙදර ගියේ. කොන්ටම් ෆයර්බෝල් (Quantum Fireball) වගේ පොලේ ගැහුවත් අවුල් වෙන්නෙ නැති හාඩ් ඩිස්ක් ඒ කාලෙ තිබ්බා. ඒකට දැන් මේ එස්එස්ඩී උලවු. සාක්කුවෙ දාං ගියාමත් අවුල් යනව.
1. ඩිස්ක් ස්පේස්
Source – mdata.yandex.net, pixabay.com
2. මස් කඩේ
Source – foliovision.com
හැම සති අන්තෙම අනිවාර්යෙන් යන ගමනක් තිබුනා. ඒ තමයි ටොරන්ට් බාන යාලුවගෙ ගෙදර හාඩ් එක ගලවන් ෆිල්ම්, ටීවී සීරීස් දාගන්න යන එක. හැම සතියෙම ෆිල්ම් පෙරේතකමට ගලවන නිසා සීපීයූ එක කොයි වෙලෙත් මස් කරල තියෙන්නෙ. ඉතිං ඒක අස්සෙ දූවිලි බැඳිලා. අයිය ඒක අස්සෙ තහනං උත්තේජක හංගලා ගිහින්. මකුළු දැලුයි, තහනං උත්තේජකයි, ඕල්ඩ් ඇරැක් බාගෙ බෝතලුයි වගේ හැම දෙයක්ම ඒක ඇතුළට දාන්න හුරු වුනේ අපේ ගිගා බයිට් සේවනේ හින්දා තමයි. ඇයි හැම සතියෙම හාඩ් එක ගලවන්න පුළුවන් වෙන්න ඔවුව ගලෝල තියන්න එපැයි.
3. හාඩ් කතා
Source – thehackernews.com
ඒ මදිවට ලොකු හාඩ් නැති නිසා සල්ලි එකතු වෙන විදියට සෙට් කරගත්තු හාඩ් තුනක් විතර තියෙනව. ඔවුවයෙන් සිස්ටම් එක දාපු හාඩ් එකට ප්‍රයිමරි දීලා බස්පෝට් ගහල අපි නිකං ඉංජිනියර්ල වගේ බස් එකෙන් ගෙදර ගියේ. කොන්ටම් ෆයර්බෝල් (Quantum Fireball) වගේ පොලේ ගැහුවත් අවුල් වෙන්නෙ නැති හාඩ් ඩිස්ක් ඒ කාලෙ තිබ්බා. ඒකට දැන් මේ එස්එස්ඩී උලවු. සාක්කුවෙ දාං ගියාමත් අවුල් යනව.
4. රැම් එක
Source – xtremerain.com
හාඩ් එක ගාවට ඊළගට ගණන් ගත්ත එක තමයි රැම් එක. පරණ පෙන්ටියම් 2, 3 කම්පියුටර් වල රැම් බුරුල් වෙනවා හිටු කියල. හෙන කට්ටක් ඒ කාලෙ. එක පාරක් මගෙ යාලුවෙක් සෙකන්ඩ් හෑන්ඩ් කම්පියුටරයක් අරගෙන ගෙදර ගෙනෙද්දි කම්පියුටරේ වැඩ නෑ. ආපහු ගෙනිච්චා කම්පැනියට. එතනදී රැම් එක බුරුල් වෙලාය කියල ඒක හයි කරලා එවුවට මොකද ත්‍රීවීල් එකේ ගැස්සි ගැස්සි ගෙදර එද්දි ආයෙ රැම් එක වැඩ නෑ. ඇඟිලි ගහලා වොරන්ටි කචල් වෙයි කියන බයත් එක්ක ආයෙත් ඒක උස්සන් කඩේට දුවන්න උනා. අන්තිමට ගම් ඩොට් එකකුත් තියලා ඒ අය අලවලා දුන්නහමයි ගෙදර ගෙනාවට පස්සෙත් කම්පියුටරේ වැඩ කරන්න ගත්තෙ. ඒ කාලෙ රැමුත් ඉතින් මොනවද මහත්තයො 16, 32, 64, 128 වගේ මෙගා බයිට් කෑලි තමයි. ඒ උනාට රුපියල් අස්ප ගණන්.
5. ඩවුන්ලෝඩ් වේගේ
Source – coub.com
6. ප්‍රොසෙසරේ
Source – reddit.com
7. ෆ්ලොපියක්
Source – sociable.co
8. කැමරා
Source – deccanchronicle.com
Cover Image Source – loveland98.weebly.com
කැමතිද? අකමැතිද?
- 42%
- 42%
- 0%
- 0%
- 0%
- 17%