ලොව ප්‍ර‍ථම ලේසර් තාක්ෂණික වෙසක් තොරණ

ලොව ප්‍ර‍ථම ලේසර් තාක්ෂණික වෙසක් තොරණ මහජන ප්‍ර‍දර්ශනය සඳහා විවෘත කිරීම අනිද්දා (10 ) එනම් වෙසක් පුන්පොහෝ දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් සිදු කෙරෙනවා.
කොළඹ ගාලු මුවදොර පිටියේ ඉඳි කෙරෙන මෙම තොරණ විවෘත කෙරෙන්නේ එදින සවස 7.00 ටයි.
වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් මත නිර්මාණය කෙරෙන එම තොරණ 14 වැනිදා දක්වා මහජන ප්‍ර‍දර්ශනයට විවෘතව පවතිනවා. ඒ කොළොම්තොට වෙසක් කලාපයට සමගාමීවයි.