“ලස්සන” ගැහැණු ළමයින් මුහුණදෙන කරදර
ලස්සනට කවුද ආස නැත්තේ, ඒ වගේම ලස්සන කියන්නේ මෙන්න මේකයි කියලා කියන්න පුළුවන් දෙයකුත් නෙවෙයි. කිසිම ගැහැණු ළමයෙක් කැත නැහැ, ලස්සන කියන එක සාපේක්ෂයි. මේ නිසා අපි හිතුවා “ලස්සන” ගැහැණු ළමයින් මුහුණදෙන කරදර ටිකක් ගැන ඔයාලට කියන්න.
ඔයා දැනටමත් මේ කටු කනවා නම් බයවෙන්න එපා, ඔයත් ලස්සන කෙල්ලෙක් තමා හරිය?
1. ඇල්ම බැල්ම
පළවෙනිම කට්ට තමා, ලස්සන වුනාම කට්ටියගෙන් බැල්ම ඇල්ම එහෙම වැඩි වෙනවනේ. එහෙම උනත් ගොඩක් කොල්ලො ලස්සන කෙල්ලෝ එක්ක කතා කරන්න ආසයි බයයි ලෙවල් එකේ ඉන්නෙ. ඒ නිසා තමන්ට අහිමියි කියලා හිතන කෙල්ලෙක්ව දැක්කම පොඩි සූ පාරක්, විසිල් පාරක් ගහලා අවධානය යොමු කරගන්න ගොඩක් කොල්ලෝ එහෙම උත්සහ කරනවා. ඒ වෙලාවට අහන්න තියෙන්නේ “ඇයි අයියේ කටේ විසිල් එකක් හිර වෙලාද?” කියලා තමා. කෝ ඒ වුනාට අහන්නේ නැහැනේ මේගොල්ලෝ
ඒ අය හිතන්නේ එහෙම ලස්සන කෙල්ලෙක්ට උසුළු විසුළු කලාම ඒක හරි වීර කමක් කියලා. ඒවුනාට ඒ දැරිවියන් සමහරකට ඒක ගලකින් ගැහුවට වඩා රිදෙනවා කියලා දන්නේ ටික දෙනයි.
2. ආරක්ෂාව
එක පාරක් අපේ යාලුවෙක් කෙල්ලෙක් එක්ක යාලු වෙලා. කෙල්ල ලස්සනයි. මේක ගැන කෙල්ලගේ තාත්තා තවත් වැඩිහිටියෙක් එක්ක කියලා මෙන්න මෙහෙම.
“පුංචි කාලේ හිටං ලස්සනට හදලා වඩලා රැකගත්ත ලස්සන කුරුළු පැටියා. එලියට දැම්ම ගමන් උකුස්සෙක් ඩහැගෙන ගියා” කියලා.
කොහොම හරි කොල්ලා ඒ කෙල්ලව බැන්දා. නමුත් තාමත් කොල්ලට කියන්නේ උකුස්සා කියලා.
කතාව නම් ඇත්ත ඉතිං. ගැහැණු ළමයෙක් වැඩිවියට පැමිණිලා පොඩ්ඩක් ලස්සන වෙන්න ගත්තම දෙමාපියන්ට තමා කරදරේ. ඇයි එයාලගේ ආරක්ෂාව ගැන වද වෙන්න ඕනිනේ. මග තොටකදී, පාසලේදී, රැකියා ස්ථානයේදී, වැඩිය උවමනා නැහැ නිවසේදී පවා මේ වගේ කරදර වලට පත් වෙන්නට හැකියාව තියෙනවා. ඒ නිසා ඇහැට කනට පේන දැරිවියක් කියන්නෙ දෙමාපියන්ට ආඩම්බරයක් වගේම අමතර බරක්ද වෙන අවස්ථා තියනව.
“පුංචි කාලේ හිටං ලස්සනට හදලා වඩලා රැකගත්ත ලස්සන කුරුළු පැටියා. එලියට දැම්ම ගමන් උකුස්සෙක් ඩහැගෙන ගියා” කියලා.
කොහොම හරි කොල්ලා ඒ කෙල්ලව බැන්දා. නමුත් තාමත් කොල්ලට කියන්නේ උකුස්සා කියලා.
කතාව නම් ඇත්ත ඉතිං. ගැහැණු ළමයෙක් වැඩිවියට පැමිණිලා පොඩ්ඩක් ලස්සන වෙන්න ගත්තම දෙමාපියන්ට තමා කරදරේ. ඇයි එයාලගේ ආරක්ෂාව ගැන වද වෙන්න ඕනිනේ. මග තොටකදී, පාසලේදී, රැකියා ස්ථානයේදී, වැඩිය උවමනා නැහැ නිවසේදී පවා මේ වගේ කරදර වලට පත් වෙන්නට හැකියාව තියෙනවා. ඒ නිසා ඇහැට කනට පේන දැරිවියක් කියන්නෙ දෙමාපියන්ට ආඩම්බරයක් වගේම අමතර බරක්ද වෙන අවස්ථා තියනව.
3. කැපී පෙනීම
අනික තමන්ගේ රැකියා ස්ථානයේ වේවා, පාසලේ වේවා. ලස්සන කෙල්ලෙක්ට බේරිලා ඉන්න ලැබෙනවා හරිම අඩුයි. මේකට හේතුව තමයි, අනික් අයගේ අවධානයට පහසුවෙන්ම ලක්වෙන නිසා හැම වෙලාවේම කුමක් හෝ උත්සව අවස්තාවක් තිබෙනවා නම් එතන නියෝජනය කරන්නට අර ලස්සන කෙල්ලව තමයි යවන්නේ.
මේකෙන් වෙන්නේ තමන්ට කරන්න තියෙන වැඩ අතපසු වෙලා තවත් කරදරෙන් කරදරේට පත් වෙන එක.
ලස්සන කියන්නේ ආකර්ශන කියන කොටස default ම එන සීන් එකක්නේ. එහෙම වුනාම කාන්තා පාර්ශවේ අනික් අයගෙන්, වැඩිය ඕනෙ, නැහැ තමන්ගේ යාලුවන් අතරේදී පවා විවිධ ආකාරයට ඊර්ෂ්‍යාවට බඳුන් වෙන්න පුළුවන්. ඒක හරි වදයක්.
5. කොල්ලෝ හිඟයි
ගොඩක් ලස්සන ගැහැණු ළමයි දැක්කම අපේ කොල්ලො හිතන්නේ, එයාලා බොහොම වෙලාවට කාගේ හරි පෙම්වතියක් වෙලා ඇති කියලා. මේ නිසා ඒ අය සම්බන්ධයෙන් බලාපොරොත්තු තියාගන්න අය අඩුයි. මේ හේතුව නිසා ගොඩක් වෙලාවට ලස්සන කෙල්ලෝ ගොඩක් තනිකඩයි. 
මෙහෙම කිවා කියලා දැන් ඉන්න ඔක්කොම ලස්සන කෙල්ලෝ තනිකඩ ද කියලා හොයලා බලන්න එපා. සමහර ලස්සන බයිසිකල් වලට අපි නොදැන හිටියට අයිතිකාරයෝ දෙතුන් දෙනා ඉන්නත් පුළුවන් හරිද? ඒ නිසා පරිස්සමින් 
6. ලස්සන එවුන්ට මොලේ නැහැ
ප්‍රවීණ ගත්කරු බර්නාඩ් ෂෝගේ හැකියාවන් ගැන වහ වැටුණු එක්තරා ඉසඩෝරා ඩන්කන් කියන නිළිය කිව්වලු.
“අපි දෙන්න විවාපත් වුනාම, ඔයාගේ බුද්ධියයි මගේ ලස්සනයි තියෙන සුන්දර දරුවෙක් හදන්න පුළුවන් වෙයි” කියලා.
ටිකවෙලාවක් කල්පනා කල බර්නාඩ් ෂෝ කිව්වලු.
“බැරි වෙලාවත් මගේ ලස්සනයි ඔයාගේ බුද්ධියයි එක්ක ළමයෙක් ඉපදුනොත් මොකද කරන්නේ?” කියල.
“බැරි වෙලාවත් මගේ ලස්සනයි ඔයාගේ බුද්ධියයි එක්ක ළමයෙක් ඉපදුනොත් මොකද කරන්නේ?” කියල.
නිළිය හ්ම් සද්ද නැහැලු. :smiley:
මේක බොරුවක් නෙවෙයි. තවමත් අපේ සමාජේ මෙහෙම හිතන අය ඉන්නවා. තමන්ගේ ලස්සන සහ රූපය මේන්ටේන් කරන්න තියෙන නිසා, ගොඩක් වෙලාවට ලස්සන අයට මොලේ නැහැ කියලා තමා ගොඩක් අය හිතන්නේ. ඒ වුනාට ඇත්ත ඒක නෙවෙයි. අපි නොසිතන තරම් සහ අපි නොසිතන පැති වලින් ඒ අය උගත් දැනුවත් වෙන්න හොඳටම ඉඩකඩ තියෙනවා, ඒ නිසා බෝතලේ හැඩයෙන් වයින් වල ගුණ අගුණ කියන එක දැන්වත් නවත්තමු නේද ළමයි?
7. මොකද ඩෝ බලන්නේ?
ඔහොම සැකෙන් බලන්නේ බන්, උඹ බැඳලා ඉන්නේ ෂර්ලොක් හෝම්ස්ව ද? කියලා එක කෙල්ලෙක් තමන්ගේ යාලුවාගේ කොල්ලා ගැන ඇහුවලු. මේ කතාව අපිට බොහොම සරල සිනහවක් මුවගට නංවනවා වුනත් ලස්සන කෙල්ලෙක් එක්ක යාලු වෙන ගොඩක් කොල්ලෝ වැඩිපුර සැකේකින් එයා ගැන බලන්නේ අනික් අයගේ ඇල්ම බැල්ම තමන්ගේ කෙල්ල දිහාට එල්ල වෙන නිසා කියන එක බොරුවක් නෙවෙයි. මේ හින්දා ලස්සන කෙල්ලන්ට තමන්ගේ මහත්තුරුන්ගෙන් එල්ල වෙන පීඩනේ ටිකක් තදට දැනෙනවා ඇති. එහෙම නැති අයත් ඕනේ තරම් ඉන්නවා.
මේක කියවන්නේ කෙල්ලෙක් නම් අපි කියන්නේ, බය වෙන්නෙපා හිතන තරම් යකා කළු නැහැ කියලා විතරයි!